33 C
Colombo
Sunday, May 5, 2024

දලයි ලාමාට හොද කියමින් ගීත ගැයූ 05 ක් චීනයේ අත්අඩංගුවට

- Advertisement -

ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමාට ප්‍රශංසා කරන සංගීත ඛණ්ඩයක් ඉදිරිපත් කිරීම නිසා ටිබෙට් ස්වයං පාලන ප්‍රාන්තයේ ප්‍රාදේශීය චීන බලධාරීන් විසින් ටිබෙට් ජාතිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙය සිදු වූයේ,ජනප්‍රිය චීන වීඩියෝ හුවමාරු වේදිකාවක් වන කුයිෂූහි සංගීත තරඟයකදී පිරිමි කණ්ඩායමක් ගීතයක් ගායනා කරමින් සිටියදී බව ද වාර්තා වේ.

චීන රජය විසින් නියම කර ඇති රෙගුලාසි කඩ කල බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බව සදහන් වේ.

අත්අඩංගුවට ගත් පස් දෙනාගෙන් මේ වන විට හෙළි වී ඇත්තේ එක් අයෙකුගේ අනන්‍යතාවය පමණක් වන අතර ඔහු සංගීතඥයකු වන ඩෙරාබ් ලෙස හදුන්වා තිබේ.

චීන බලධාරීන් ගීතය ඉදිරිපත් කරන අතරතුර පුද්ගලයින් රඳවා තබා ගෙන ඇති බවත් ඉදිරිපත් කරන ලද ගීතයෙන් උපුටා ගැනීමක් ලෙස “උතුම් ලාමා ටිබෙටයේ උපත ලැබීය, විදේශ රටවල පුණ්‍ය ක්‍රියා සිදු කළේය, ආදරණීය සහ දයානුකම්පිත ලාමා – ඔහුගේ ඉක්මන් නැවත පැමිණීම සඳහා යාච්ඤා කරන්න.” යනුවෙන් සදහන් වූ බව මාධ්‍ය වාර්තා කර ඇත.

චීන පොලිසිය අත්අඩංගුවේ පසු වුවන්ගෙන් මුළු දවස පුරාම ප්‍රශ්න කල බවත් පසුව පස් දෙනෙකුගෙන් හතර දෙනෙකු නිදහස් කරන ලද බවත් සදහන් වේ.

එක් අයකු තවමත් චීන බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන බවත් කිසිදු උත්සව හෝ රැස්වීම් වල සහභාගී වීමෙන් වළකින බවට ප්‍රතිඥාවක් අත්සන් කිරීමට ඔහුට බල කෙරුණු බවත් අදාළ වාර්තාවේ දැක්වේ.

මීට අනුව සංගීතඥ ඩෙරාබ්ට මින් පසු වේදිකාවක රඟ දැක්වීමට අවශ්‍ය නම්, ඔහුට පළමුව බලධාරීන්ගෙන් අවසර ලබා ගත යුතු බව ද පැවසේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...