32 C
Colombo
Friday, March 29, 2024

දැරියක් අපහරණය කළ චූන්පාන් වෙළෙන්දා අත්අඩංගුවට

- Advertisement -

වයස අවුරුදු 15 ක් පමණ වයසැති පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන ‘චූන් පාන්’ වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව එඩේරමුල්ල පොලිසිය පවසනවා.

සැකකරු බාල වයස්කාර දැරිවිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන විවාහ කරගන්නා බවට පොරොන්දු වී මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක දැරිවිය සමග ජීවත් වෙමින් සිටියදී එඩේරමුල්ල පොලිසිය ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ ස්ථිර පදිංචිය ඇති එඩේරමුල්ල ප්‍රදේශයේ කුලී පදනම මත පදිංචි වී සිටින 29 හැවිරිදි විවාහක පුද්ගලයකු බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරුගේ නීත්‍යානුකුල බිරිඳ නිවුන් දරුවන් අපේක්ෂාවෙන් සිටින ගැබිණි මවක් බවත් මෙම සැකකරු මීට පෙර දෙවතාවක් මෙවැනි අපරාධ සිදුකර ඇති බවත් එම අවස්ථාවලදී පොලිසියට නොපැමිණ වින්දිත පාර්ශවයට මුදල් ලබා දී සමථයකට පත් කරගෙන ඇතිබවත වැඩි දුර විමර්ශන වලදී අනාවරණය වූ බව එඩේරමුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය පවසනවා .

මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බවත් පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...