31 C
Colombo
Saturday, July 27, 2024

කොවිඩ් තත්ත්වය ගැන වෛද්‍ය නජිත් ඉන්දික දැමූ ෆේස්බුක් සටහන ගැන හොයන්න CID යෙන් එවලා

- Advertisement -

මීට දින දෙකකට පෙර වෛද්‍ය නජිත් ඉන්දික මහතා අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් තත්ත්වය පිළිබදව ෆේස්බුක් සමාජ අඩවියේ පලකළ සටහනක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර තිබෙනවා.

ඔහු සේවය කරන අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහලට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු පවසා ඇත්තේ වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ මානසික තත්ත්වය කෙසේදැයි පරික්ෂා කර පැමිණෙන ලෙසට ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසූ බවයි.

එනම් වෛද්‍ය නජිත් ඉන්දික මහතා යම් කිසි ආතතියකින් පසුවන්නේදැයි විමසා බලා ඒ පිළිබදව වාර්තා කරන ලෙසට තමන්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසූ බව එම නිලධාරීන් දෙදෙනා නජිත් ඉන්දික මහතාට පවසා තිබෙනවා.

එම නිලධාරීන් දෙදෙනා වෛද්‍ය නජිත් ඉන්දික මහතාගෙන් විමසා ඇත්තේ “සර්, ඇත්තටම අවිස්සාවේල්ලෙ කොරෝනා තත්වය ඔච්චරම දරුණුයිද සර්? අපිත් මේවයෙ ජීවත්වෙන මිනිස්සුනෙ” යනුවෙනි.

පසුව ඔහු පසුගිය මාසය තුළ කොවිඩ් රෝගීන් වාර්තාවීම, මරණ වැඩිවූ ආකාරය, වාට්ටුවේ පහසුකම් දියුණුවී ඇති ආකාරය, පසුගිය සතියේ සිදුවූ විශාල වෙනස්කම් ආදී සියල්ලම ඔවුන් දෙදෙනාට පැහැදිලි කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...