30 C
Colombo
Friday, May 3, 2024

කොලොම්බියානු අත්බෑග නිර්මාණ ශිල්පිනියක් මාස 18ක් හිරේට

- Advertisement -

උරගයින්ගේ හම්වලින් සාදන ලද අත් බෑග ගෙන්වීමේ ජාවාරමකට සම්බන්ධ බවට වරදකරු වූ කොලොම්බියානු ජාතික සුඛෝපභෝගී අත්බෑග් නිර්මාණ ශිල්පිනියකට මාස 18ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

Sex and the City කතා මාලාවේ සිටි නළු නිළියන් සඳහා මෙන්ම බ්‍රිට්නි ස්පියර්ස් වැනි සුප්‍රසිද්ධ චරිත වෙත අත්බෑග් නිර්මාණය කරන ලද, නැන්සි ගොන්සාලිස් (Nancy Gonzalez) හට මෙලෙස දඬුවම් නියම වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මියාමි ෆෙඩරල් අධිකරණයෙන් ඊයේ (22) මෙම නියෝගය ලබා දී තිබුණා.

මේ වන විට 71 හැවිරිදි වියේ පසුවන නැන්සි, කිඹුලන්ගේ සහ පිඹුරන්ගේ හම්වලින් සාදන ලද අත් බෑග් නීති විරෝධී ලෙස ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටිනවා.

කොලොම්බියාව සහ එක්සත් ජනපදය සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියට (CITES) අත්සන් තබා ඇති අතර, කිඹුලන් සහ පිඹුරන් ආදී උරඟ විශේෂයන් ආරක්ෂා කිරීම එහි එක් අරමුණ වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...