වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
කථානායකය,මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඒ බව දැනුම් දී තිබෙනවා.
ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ධුරයට පත් කළා.
2023.11.29 වනදා සිට මාස 03ක කාලයක් සඳහා අදාළ පත්කිරීම සිදුකර තිබෙනවා.