26 C
Colombo
Saturday, May 18, 2024

රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා වරායේ බහාලුම් නියාමනය අඩාල වෙලා

- Advertisement -

රේගු වෘත්තිය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය පරීක්ෂණ අංගන තුළ බහාලුම් විශාල ප්‍රමාණයක් අවහිර වී ඇති බව, බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, වරාය බහාලුම් 600 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට සිරවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කර ඇත්තේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවතියද, අත්‍යවශ්‍ය සේවා කිහිපයක සේවා කටයුතු සිදුවන බවයි.

පසුගිය සිකුරාදා රේගු වෘත්තිය සමිති කිහිපයක් අතිකාල සේවාවලින් ඉවත් වී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

ඒ රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ පවතින ගිණුමක් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමින්.

රේගු නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරිවරුන්ගේ සංගමය සහ රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට ඇතුළත්.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...