28 C
Colombo
Sunday, May 5, 2024

ආන්දෝලනාත්මක චැනල් 4 වීඩියෝව අතුරුදහන්

- Advertisement -

2019 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් අද (05) විකාශය කෙරෙන “Sri Lanka’s Easter Bombings – Dispatches” නම් වැඩසටහනෙහි අන්තර්ගත වීමට නියමිත බව එක්සත් රාජධානියේ චැනල් – 4 ප්‍රවෘත්ති නාලිකාව නිවේදනය කර තිබුණා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙමින් සඳහන් කළේ මෙම වැඩසටහන තුළින් පාස්කු බෝම්බ ප්‍රහාරයට මෙරට ඇතැම් රජයේ නිලධාරීන් සම්බන්ධ බවට අතිශය වැදගත් තොරතුරු හෙළිදරව් කිරීමට නියමිත බවයි.

කෙසේ වෙතත් මීට පෙර නිකුත් කරන ලද චැනල් – 4හි පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විඩියෝ පටය මේ වන විට මේ වන විට unlist කර කර ඇති බවට වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විද්වතුන් පවසන්නේ සම්පූර්ණ වීඩියෝව නිකුත් කරන තෙක් මෙලෙස සිදු කරන්නට ඇති බවයි.

මෙම වීඩියෝව අගෝස්තු 15 වැනිදා විකාශය කිරීමට චැනල් 4 නාලිකාව සැලසුම් කර තිබුණද, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් චැනල් 4 වෙත වීඩියෝවෙන් ඔහුට එල්ල වී ඇති චෝදනා ගැන කළ පැහැදිලි කිරීමකට අනුව එදිනද එම වීඩියෝව විකාශය කිරීම නවතා දැමීමට කටයුතු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...