32 C
Colombo
Sunday, March 16, 2025

කෝප් සභාපතිත් ක්‍රිකට් ප්‍රශ්නෙක (වීඩියෝ)

- Advertisement -

කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාරට ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පැවති ව්‍යාපාර සම්බන්ධතා පිළිබඳව තොරතුරු හෙළිවී තිබෙනවා.

ඔහු මහනුවර නගරයේ ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උපදේශකයෙකු ලෙස වගකීම් භාරගෙන ඇති බවට වාර්තා වනවා.

ඕස්ට්‍රේලියාවේ පැවති පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව කෝප් කමිටුව හමුවේ ඊයේ (14) සාකච්ඡාවට ලක්වූ අවස්ථාවේ ඔහු විසින් දබර ඇඟිල්ලෙන් හස්ත සංඥාවක් ද ලබා දුන් බවට මේ වන විට බොහෝ දෙනා කෝප් කමිටුවේ සභාපතිට විවේචන එල්ල කරමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් අද (15) පාර්ලිමේන්තුවේදීද ඔහුට දෝෂාරෝපණ එල්ල වුණා.

විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, මන්ත්‍රීවරුන් කෝප් කමිටුව හමුවට පැමිණ සිටි සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී කෝප් කමිටු සභාපතිවරයා දඹරැගිල්ලෙන් හස්ත සංඥා ලබා දීමෙන් සාක්ෂිකරුවන් පාලනය කළ බවයි.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ, මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටියේ, පිරිසක් පැමිණ එම “ස්වාධීන කමිටුව” දේශපාලනීකරණය කිරීමට උත්සාහ කළ බවයි.

RECENT ARTICLES - SINHALA

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

POPULAR ARTICLES