28 C
Colombo
Thursday, May 2, 2024

කොරෝනා ව්‍යාප්තිය ප්‍රභලයි – මුඛාවරණ දෙකක් පළඳින්න..!

- Advertisement -

මෙරට තුල කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය ප්‍රබලව සිදුවන හෙයින් මුඛාවරණ දෙකක් පැළඳීම අනුමත කරන බවත් නිවෙසින් එළියට යන අවස්ථාවේදී මුහුණ වැසෙන “ෆේස් ෂීල්ඩ් ” ආවරණයක් පැළඳීමද ඉතා වැදගත් බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

එමෙන්ම, ලැබෙන එන්නත හොඳම එන්නත බවත්, ළඟම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් වර්ගය නොබලා කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක් කඩිනමින් ලබාගෙන ප්‍රවේශම් වන ලෙසත් ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බවත් ඇය පවසනවා.

මේ අතර, ගතවූ පැය 24 තුලත් කොරෝනා ආසාදිතයින් 3,619 ක් හදුනාගෙන ඇතැයි යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එමෙන්ම, තවත් කොරෝනා මරණ 204ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි ඔහු පවසන්නේ. මෙම මරණ 204 ඉකුත් බදාදා සිදුවූ කොරෝනා මරණ බවයි දක්වා ඇත්තේ.

තවද, වයස අවුරුදු 18 ට වැඩි 30ට අඩු පිරිස් සඳහා වන එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ අනුව, එළඹෙන සති දෙක තුන අවසන් වීමට පෙර වයස අවුරුදු 30 ඉක්මවූ සියලු පිරිස් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇති බවටත් ඔක්තෝබර් අවසානයට පෙර අවුරුදු 18 ඉක්මවූ පුරවැසියන් සඳහා වන එන්නත්කරණය අවසන් කිරීමට හැකි වනු ඇති බවටත් අමාත්‍යවරයා විශ්වාසය පල කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...