27.2 C
Colombo
Saturday, June 21, 2025

දමිතාව හොයාගන්න බැරි උනා – නීතිඥ මනෝජ් නානායක්කාර කියන කතාව

- Advertisement -

පොලිස් අත්අඩංගුවට පත් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්නව අත්අඩංගුවට ගත්තේ කව්ද යන්න හෝ ඇය සිටින්නේ කුමන ස්ථානයේද යන්න පැය කිහිපයක් යනතෙක් සොයා ගැනීමට නොහැකි වූ බව නීතිඥ මනෝජ් නානායක්කාර පවසනවා.

ඒ, ඊයේ (07) දින කොටුව පොලිස් ස්ථානය ඉදිරිපිටදී අදහස් දක්වමින්.

ඊයේ පැවති විරෝධතාවයකින් අනතුරුව දියත උයන රථගාලේදී කොළඹ-උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්‍යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඇයව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පැය කිහිපයක් යනතෙක් සොයා ගැනීමට නොහැකි වූ බවත් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ අයුතු ජනරාශියක් සිදු කිරීම යන චොදනාව යටතේ ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු පවසනවා.

කොළඹ-උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්‍යංශය විසින් 09වැනිදා උදෑසන 09ට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා දමිතා අබේරත්න හට කැඳවීමක් සිදුකර තිබූ බවත් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ එවැනි පරිසරයක බවත් පවසන නීතිඥ මනෝජ් නානායක්කාර වැඩිදුරටත් පවසන්නේ නීතිය නැමීමට පොලිසියට නොහැකි බවත් මේ සම්බන්ධව මානව හිමිකම් පැමිණිල්ලක් යොමු කරන බවත් ය.

අපරාධකරුවෙක් හෝ ත්‍රස්තවාදියෙකු අත්අඩංගුවට ගන්නා ලෙසින් ජනප්‍රිය නිලියක් අත්අඩංගුවට ගැනීම නිසා ඇයගේ කීර්ති නාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට නඩු පැවරීමට ද කටයුතු කරන බවත් වැඩිදුරටත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES