28 C
Colombo
Thursday, May 2, 2024

මුල් ඕවර් 10දී විකට් හතරක් ගියාට වේගයෙන් ගහන්නෙ නෑ

- Advertisement -

මෙරටට මුදල් ගලා ඒමේ වර්ධනයක් දකින බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඒ, ඊයේ (07) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවති සකච්ඡාවකදී.

යම්කිසි අවස්ථාවක පීඩනයක් පැමිණෙන විට කටයුතු කළ යුතු ක්‍රමය සාමාන්‍ය ක්‍රමයට වඩා මදක් වෙනස් බවත් එය තමා හොඳින් දන්නා බවත් ඔහු පවසනවා.

“පොඩි උදාහරණයක් මම දෙන්නම්. ඕවර් 50 ක්‍රිකට් මැච් එකක් ගහනවා නම් පළමු ඕවර් 10 දී විකට් හතරක් ගියෝතින් ඊළඟ ඕවර් කිහිපයේදී ඉතාමත් වේගයෙන් ගහන්න උත්සහ කරන්නේ නැහැ. ඒ වගේ තමයි මේ වගේ කාලයකත්. ” යැයි මහබැංකු අධිපතිවරයා පවසනවා.

රටතුල ස්ථායීභාවය නැවත වරක් ඇති කිරීම මෙම කාලයේ ප්‍රධාන අරමුන වී ඇති බවත් කිරිපිටි සඳහා වරායේ සියලුම බහාලුම් නිදහස් කර ඇති බවත් ඔහු පවසනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක අගයකට කිරිපිටි සඳහා බහාලුම් ඇති බවට තොරතුරක් ලැබී ඇති බවයි කබ්රාල් මහතා පවසන්නේ.

එම බහාලුම් සඳහාත් මුදල් නිදහස් කර ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...