27 C
Colombo
Wednesday, May 8, 2024

හම්බන්තොට ඝාතනයට අඹු සැමි යුවලක් අත්අඩංගුවට

- Advertisement -

පුද්ගලයෙකුට වෙඩිතබා පසුව තියුණු ආයුධයකින් කපාකොටා බරපතළ තුවාල සිදුකිරීමේ සිදුවීමකට අදාළව පොලීසිය විසින් සොයමින් සිටි අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අපරාධය සිදුකර ඇති පුද්ගලයා සහ ඔහුගේ බිරිඳව ඊයේ (11) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් හුංගම පොලිස් වසමේ වාඩිගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

පසුගිය 11 වනදා හම්බන්තොට ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩිතබා තියුණු ආයුධයකින් කපාකොටා තුවාල සිදුකර තිබීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබුණා.

පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගත් 29 හැවිරිදි සැකකරු සහ 23 හැවිරිදි සැකකාරිය වාඩිගල, රන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මොවුන් හම්බන්තොට හා හුංගම පොලිස් වසමේවල ගවයින් සොරකම් කිරීමේ අපරාධ 03ක් සඳහා සම්බන්ධ බවටද අනාවරණය වී තිබෙනවා.

පොලීසිය පවසන්නේ සැකකරුට හම්බන්තොට හා වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු 06ක්ද නිකුත් කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවල ඊයේ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...