25 C
Colombo
Thursday, May 9, 2024

ක්‍රිකට් තහනම කුමන්ත්‍රණයක් – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

- Advertisement -

මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටම් වලින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවළක ප්‍රතිඵලයක් බව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසනවා

ක්‍රිකට් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පසුපස සැඟව ඇති සත්‍ය අනාවරණය කිරීම සඳහා බව පවසමින් නිකුත් කළ ආන්දෝලනාත්මක ලිපියක ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තවදුරත් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය වසර දෙක හමාර තුළ තේරීම් කමිටුවට එල්ල කළ විවේචන අසද්භාවයෙන් යුතුව, පටු අරමුණින් කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එම කවුන්සිලය තුළ පැවති සාමාජිකත්වය තහනම් කිරීම මෙරට ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් බලවත් තර්ජනයක් බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...