25 C
Colombo
Saturday, December 9, 2023

ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය අද

- Advertisement -

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය අද (19) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

අද තරගය මෙරට වෙලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතයි.

ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර අවසාන මහා තරගය පැවැත්වෙනවා.

මූලික වටේ තරග සියල්ලම ජයග්‍රහණය කිරිමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයකට ක්‍රීඩා කරන 08 වැනි අවස්ථාව මෙය වනවා.

ඉන් අවස්ථා 05ක දී ඔවුහූ ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමට සමත් වුණා.

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව මීට පෙර එක් අවස්ථාවක දී අවසන් මහා තරගයක හමු වී තිබෙන අතර, එහි දී එවකට ලොව සිටි ප්‍රබලම ක්‍රිකට් කණ්ඩායමක් වූ ඔස්ට්‍රේලියාව හමුවේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත් වූයේ 2003 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී.

ඉන්දියාව අවසාන මහා තරග 03ක ක්‍රීඩා කර ඇති අතර, ඉන් අවස්ථා දෙකක දී ශුරතාව දිනා ගෙන තිබෙනවා.

ඒ, 1983 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ 2011 දී ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්.

තරගාවලියේ ශූරයින්ට පිරිනමනු ලබන කුසලානය සමඟ ඉන්දු – ඔස්ට්‍රේලියා නායකයින් ඊයේ නිල ඡායාරූපය සඳහා පෙනී සිටියා.

එමෙන්ම දෙරටේ ක්‍රීඩකයින් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණු සැසිය සදහා ද එක්ව සිටි අතර එහිදි තරගයට භාවිත කරන තණ තීරුවේ ඡායාරූපයක් ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් ලබාගත් ආකාරය විදෙස් මාධ්‍යයේ දැඩි අවධානයක් දිනා ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...