ඊශ්‍රායලයට පලස්තීන හමාස් සංවිධානය එල්ලකළ දරුණු ප්‍රහාර හේතුවෙන් මැද-පෙරදිග උණුසුම් වීමත් සමඟ ලෝක තෙල් මිල වැඩිවීමට බලපෑ හැකි බව ජාත්‍යන්තර විචාරකයන් පවසනවා.
විවිධ වෙළෙඳ බාධක පනවා තිබුණද ආසියානු වෙළෙඳපොළට ඉරාන බොර තෙල් සැපයුම නොකඩවා සිදු වුවද ඊශ්‍රායලය – පලස්තීන ගැටුම් තවත් උත්සන්න වුවහොත් ඉරාන බොර තෙල් සැපයුමට ද බාධා එල්ලවීම නොවැලක්විය හැකි කරුණක්.
මේ තත්ත්වය හමුවේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 4කින් පමණ අද (09) ඉහළ ගොස් තිබුණා.
එහි මිල දැක්වුණේ ඩොලර් 86ක් ලෙසයි.