28 C
Colombo
Sunday, May 5, 2024

මාලදිවයින ගිනි තබන අන්තර්ජාල දුස් තොරතුරු රැල්ල ගැන හෙළිදරව්වක්

- Advertisement -

ඔන්ලයින් මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන දුස් තොරතුරු හෙවත් අසත්‍ය තොරතුරු බෙදාහැරීම වර්තමාන ලෝකය තුළ දැවෙන ගැටලුවක් බවට පත්ව තිබේ. අසල්වැසි මාලදිවයින තුළ සිදුවන එවන් දුස් තොරතුරු ව්‍යාපෘතියක් පිළිබද ගවේෂණාත්මක වාර්තාවක් මාලදිවයින් හඩ හෙවත් මෝල්ඩිවුස් වොයිස් මගින් එළිදක්වා ඇත.

ඊටඅනුව , මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් සහ ඔහුගේ ආධාරකරුවන් විසින් විශේෂයෙන් අන්තර්ජාල මාධ්‍ය යොදාගෙන මෙහෙයවන ඉන්දියා අවුට් හෙවත් ඉන්දියාව ඉවත් කිරීමේ ව්‍යාපාරය එරට තුළ දැඩි ආරක්ෂක, සමාජ සහ ආර්ථික නොසන්සුන්තාවයක් නිර්මාණය කර තිබේ.

ප්‍රගතිශීලී පක්ෂයේ (පීපීඑම්) නායක හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් සහ ඔහුගේ භූදේශපාලනික බලවතා වන චීනය මෙම දුස් තොරතුරු මෙහෙයුම් ව්‍යාපෘතිය පිටුපස සිටින බව අදාළ වාර්තාව මගින් හෙළිකර ඇත. එමගින් මාලදිවයිනේ චීන ව්‍යාපෘති පිළිබද ව්‍යාජ පුරසාරම් මවා පෑමටත් ඉන්දියාව සමග වන ගනුදෙනුවල ව්‍යාජ අනතුරු මවාපෑමටත් කටයුතු කර තිබේ.

මෙම සමස්ත ව්‍යාපාරයම ඉතා හොඳින් සැලසුම් කොට ක්‍රියාත්මක කරන ප්‍රචාරණ ව්‍යාපෘතියක් වන අතර ඒ සදහා ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ වත්මන් ලෝකයේ ඩිජිටල් දුස් ‍තොරතුරු ව්‍යාපෘති සම්බන්ධ ප්‍රමුඛයා වන චීනයේ පුහුණුව සහ අභාෂය ලැබූ අංකුර මාධ්‍යවේදීන් පිරිසක් බව හෙළිව ඇත. ඔවුන් චීනයේ ඉලක්කයට අදාළව තොරතුරු හැසිරවීම, ප්‍රචාරණය, ඒ සඳහා සමාජ ජාලවල ගිණුම් නිර්මාණය කිරීම, මහජන මතයට බලපෑම් කිරීම සිදුකර ඇති බවත් එහිදී තම ඉලක්ක ආරක්ෂා කිරීම‍ට, විරැද්ධවාදීන්‍ට පහරදීමට, මතභේද ඇති කිරීමට, අපහාස කිරීමට කටයුතු කර ඇති බවත් පැවසේ.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ මාලදිවයින් ජාතිකයන් මෙන්ම වෙනත් රටවල පිරිස ද කවුරුන්ද යන්න පිළිබද මෝල්ඩිවුස් වොයිස් වෙබ් අඩවිය මාර්තු 05 වනදා විශේ‍‍ෂ හෙළිදරව්වක් සිදුකර තිබේ.

දියාරෙස් හෙවත් මෝල්ඩිවුස් ජර්නල් නම් වෙබ් අඩවිය එහිදී කැපී පෙනෙන අතර එය ලියාපදිංචි කර ඇත්තේ 2019 ජූලි මාසයේදීය. අහමඩ් ඊබ්‍රාහිම් එහි හිමිකරු වන අතර කළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේ ෂිෆ්සාන් අහමඩ් ය. ඔවුන් දෙදෙනාම හිටපු ජනාධිපති යමීන් සමඟ සමීප සබඳතා පවත්වයි. මෙහි සම-නිර්මාතෘවරයා වන අහමඩ් අසාන් මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන අතර ඔහු ඉතා ක්‍රියාශීලී එහෙත් විවිධ ආගමික කෝණයන්ගෙන් අන්තරාදායක ලෙස තත්වයන් නිරීක්ෂණය කරන හදුන්වාදෙන අයෙකු ලෙස ප්‍රකටය.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ මාලදිවයිනේ ප්‍රවෘත්ති ජාලය හෙවත් මාලදිවයින් නිවුස් නෙට්වර්ක් වෙබ් අඩවිය 2020 මැයි මාසයේදී ලියාපදිංචි කරන ලද්දකි. එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා මොහොමඩ් ඉක්‍රාම් අබ්දුල් ලතීෆ් වන අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලයට හම්දාන් ශකීල්, ඊබ්‍රහිම් ඛලීල් සහ මොහොමඩ් නූරාදීන් ඇතුළත් වේ.

ඉබ්‍රාහිම් ඛලීල් අතීතයේ PSM (මාලදිවයිනේ රජයට අයත් මාධ්‍යයක්) හි කළමනාකාර අධ්‍යක්ෂ ලෙසත්, මොහොමඩ් ඉක්‍රම් අබ්දුල් ලතීෆ් එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කර ඇත. ඔවුන් දෙදෙනාහ හිටපු ජනාධිපති යමීන් විසින් ඔහුගේ පාලන සමයේදී පත් කරන ලද අය වේ. පසුව, 2018 නොවැම්බරයේ ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කරන ලදී.

මැතිවරණ ළං වන විට යමීන් වෙනුවෙන් සක්‍රීය ප්‍රචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් තම තනතුරු අවභාවිත කිරීමේ යෙදී සිටි බව පසුව තහවුරැ විය. ඔවුන් මාලදිවයින් රැපියල් මිලියන 3.1 ක් වටිනා ගුවන් කාලය හිටපු පාලක පක්ෂය වන මාලදිවයිනේ ප්‍රගතිශීලී පක්ෂයට (PPM) නොමිලේ ලබා දී තිබිණ. වෙනස් ලෙස ඉස්මතු කරන ලද තොරතුරු පතුරුවා හැරීම සහ විරුද්ධවාදීන් ඉස්ලාම් විරෝධීන් ලෙස හංවඩු ගසමින් සෑම විටම ඍණාත්මක ලෙස කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පාලනය තුළ PSM රාජ්‍ය මාධ්‍ය සමාගමට දැඩි විවේචන එල්ල වී තිබිණ.

මෙම පුද්ගලයින් දැන් මාලදිවයිනේ නිවුස් නෙට්වර්ක් ආයතනයට නායකත්වය දෙන අතර අතීතයේ දී ඔවුන් ජනාධිපති යමීන් සහ පීපීඑම් පක්ෂය වෙත බෙහෙවින් නැඹුරු වූ සහ පක්ෂග්‍රාහී වූවන් බව පැහැදිළිය. මෙම ජාලය මෑත කාලයේ ‘ඉන්දියාව ඉවත් කිරීමේ ’වැඩසටහන සඳහා වඩාත්ම වාචික සහ ක්‍රියාකාරී ප්‍රචාරකයා වී ඇති අතර පවතින ඉහළ සබඳතා හරහා එයට චීනයේ සහාය ලැබී ඇති බව පැහැදිළිය. දළ වශයෙන් ඔවුන්ගේ වෙබ් අඩවිවල පළ කිරීම් 100කට වඩා වැඩි ප්‍රමාණයක් චීනය වෙනුවෙන් කැප කර එහි ක්‍රියාවන් උත්කර්ෂයට නංවා ඇත.

ලන්ඩන් සාම පර්යේෂණ ආයතනය නම් වන වෙබ් අඩවිය ද මෙම ව්‍යාපෘතියේ කැපී පෙනෙන කාර්යයක් ඉටු කරන බව පෙනේ.මෙම වෙබ් අඩවිය සාමය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන ජාත්‍යන්තර ලාභ නොලබන සංවිධානයක් ලෙස පෙනී සිටියි. එහි මුහුණතේ ‘මානව හිමිකම්’ පිළිබඳ දැක්වුවද එහි වෛරය, ප්‍රචණ්ඩත්වය සහ දුස් තොරතුරු හසුරුවීම නිරීක්ෂණය කළ හැකි බැවින් අන්තර්ගතය සැක සහිත ය.

විවිධ ආන‍්දෝලනාත්මක තොරතුරැ ඇතුළත් ලන්ඩන් සාම පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ රේ වයිට් නැමැත්තකි. ඔහු මූල්‍ය උපදේශකයෙක් ලෙසද පෙනී සිටියි. එහෙත් ඔහුගේ සැබෑ නම් රේ ඛාන් වන අතර පකිස්ථානයේ ලාහෝර් නුවරින් උපාධිය ලබා ඇති ආකාරය පිළිබඳ තොරතුරු සොයාගත හැකි අතර ඔහුගේ දුරකතන සබදතාවය ද එක්සත් රාජධානියේ ලියාපදිංචි කර ඇත්තේ “මමුජාන්” නමිනි. ඒ අනුව මෙය පකිස්තාන, චීන, මාලදිවයින් සබදතා ඇති බ්‍රිතාන්‍ය පදනම් කරගත් සැකසහිත ව්‍යාපෘතියක කොටසක් බව පැහැදිළිය.

ඉන්දියාවට විරෝධය පළකරමින් මාලදිවයිනේ ප්‍රකාශයට පත් කෙරෙන ඕනෑම සෘණාත්මක ලිපියක් බෙදා ගන්නා අන්තර්ජාල මාධ්‍ය වේදිකා අතර පීපල්ස් රිවීව් (Peoplesreview) ද කැපී පෙනේ. නේපාලය පදනම් කරගත් පුවත් අඩවියක් වන එහි ප්‍රධාන කර්තෘ පුෂ්ප රාජ් ප්‍රධාන් ය. පුෂ්ප සෑම විටම චීනයට ඉහළ ගෞරවයක් දක්වන අතර චීනය කෙරෙහි ඔහුගේ පක්ෂපාතිත්වය 2012 තරම් ඈතට දිව යයි. නේපාලය සම්බන්ධයෙන් කිසියම් ප්‍රකාශනයක් චීනයේ නිකුත් වන්නේ නම් හෝ චීන ජාතිකයන් විසින් ඔවුන්ගේ ප්‍රකාශනවල භාවිත කිරීමට කිසියම් ප්‍රකාශයක් උපුටා දක්වන්නේ නම්, එය සැමවිටම පුෂ්පාගෙන් ලබාගන්නා තරමට මෙම සබදතාවය දියුණුය. මේ වන විට ඔහු නේපාල-චීන සංස්කෘතික ආර්ථික මාධ්‍යවේදීන් සහ බුද්ධිමතුන්ගේ සංගමයේ (NCCEJIS) සභාපතිවරයා ලෙස ක‍ටයුතු කරයි.

මේ අන්දමට දුස් තොරතුරු ව්‍යාපෘතියේ කෙළවර කොතන ද? අසත්‍ය තොරතුරු පැතිරීමෙන් ප්‍රතිලාභ ලබන ඕනෑම අයෙකුගෙන් අරමුදල් ලැබෙන තාක් මෙම වර්ගයේ ආයතන පවතිනු ඇත.එහෙත් එහි කෙළවරක්ද තිබිය හැකි බව අමතක කළ යුතු නොවේ. කෙසේවෙතත්, මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති ව්‍යාපෘති දැන් මාලදිවයිනට හෝ ලෝකයට අලුත් දෙයක් නොවන අතර එය නිසි ලෙස වටහාගෙන කටයුතු කිරීම මෙහිදී විශේෂයෙන් වැදගත් වේ.

මාලදිවයිනේ මෙම රටාව මුලින්ම දකින්නට ලැබුණේ 2018 වසරේ ජනාධිපතිවරණ ආසන්න වූ අවස්ථාවේදීය. ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කිරීමේ යෙදී සිටින කුඩා වෙබ් අඩවි සංඛ්‍යාව එකම ගූගල් ඇඩ්-සෙන්ස් අංකය බෙදාගෙන ඇති බව මේ පිළිබද කළ පර්යේෂණවලදී සොයා ගන්නා ලදී. එනම් එම්ඩීපී නායකත්වය බලයට ගෙන ඒමේ න්‍යාය පත්‍රයට අදාළ දේශපාලන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා තිරය පිටුපස සිටි එක් විශාල ක්‍රීඩකයෙකු මෙම සියල්ලට අරමුදප් සපයන බවයි. ඒ කවුරුන්ද යන්න ගැන වටහාගැනීම අසීරැ නැත. සිය භූදේශපාලනික අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීම සදහා එය සිදුකරන බව පැහැදිළිය. ව
2023 ජනාධිපතිවරණය ළං වන මාලදිවයිනේ යළිත් මතුවෙමින් පවතින්නේ අදාළ න්‍යාය පත්‍රයට ගොනු වුණු නව මුහුණුවරකින් දුස් තොරතුරු ව්‍යාපෘතියක් බව පැහැදිළිය. එය කිසිලෙසකින් අවතක්සේරු කළ යුතු නැති වුවද මෙවැනි ව්‍යෘපෘති දෙස සිහි නුවණින් බලා කරුණු අවබෝධ කරගෙන නිවැරදි සත්‍ය අවබෝධ කර ගැනීම මෙහිදී වඩාත්ම වැදගත් වන ප්‍රවේශයයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...