31 C
Colombo
Saturday, May 18, 2024

ඩී.වී. චානකගේ පියාටත් තනතුරක්

- Advertisement -

ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාගේ පියා වන ඩී.වී. උපුල් මහතා පත්කර තිබෙනවා.

රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු වන දකුණු පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ ඩී.වී. උපුල් මහතා හට අදාළ පත්වීම ලබාදී ඇත්තේ ධීවර හා ජලසම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින්.

මෙම වසරේ ජනවාරි 12 වනදා අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගේ දකුණු පළාත් සම්බන්ධීකරණ ලේකම් තනතුර හිටපු දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී. උපුල් මහතාට ලබාදී තිබුණා.

එමෙන්ම ඩී.වී. උපුල් මහතා 2015 වසරේ මැයි 30 වනදා තිස්සමහාරාමයේ වීරවිල පැවති ජන හමුවකදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ගල් ගසා මරන බවට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මහින්ද රාජපක්ෂ මහතාට හිතවත්ව කටයුතු කිරීම නිසා 2016 වසරේදී දකුණු පළාත් සභාවේ ධීවර හා පශු සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩී.වී. උපුල් මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළා.


RECENT ARTICLES - SINHALA

තායිලන්ත තානාපති සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවේ දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ...

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ අයෙක් ගැන විමර්ශනයක්

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ...

බාල බෙහෙත් සිද්ධිය ගැන ජාතික විගණන කාර්යාලයේ අවධානය

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...