28 C
Colombo
Thursday, May 2, 2024

දළදා මාලිගාවේ පොලිස් ස්ථානයේ නිලධාරීන් 21කට කොරෝනා

- Advertisement -

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයේ නිලධාරීන් 21කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ශ්‍රී දළදා මාළිගා පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු දෙදෙනෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසු තවත් පිරිසකට ජනවාරි (16) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.

එහිදී මෙම පොලිස් නිලධාරීන්ද ආසාදිතයන් බව අනාවරණය වී ඇත. එම හේතුවෙන් දළදා මාළිගා පොලිසියේ පොලිස් නිලධාරීන් 231 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඒ වෙනුවට වෙනත් පොලිස් කණ්ඩායමක් එහි සේවයට යොදවා ඇත.

මේ අතර පොලිස් ස්ථානය තුළ කාර්යාල රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට පමණක් වෛරසය ආසාදනය වී ඇති බවත් මාලිගාව තුළ සේවය කරන පොලිස් නිලධාරීන් කිසිවෙකුට හෝ මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ පැවසීය.

කෙසේ වෙතත් මාධ්‍ය මගින් සදහන් කර තිබුණේ එහි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට පමණක් වෛරසය ආසාදනය වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...