30 C
Colombo
Sunday, December 3, 2023

දළඳා මාලිගාවේ විදුලි බිලට සහනයක්

- Advertisement -

ශ්‍රී දළදා මාලිගාවේ පසුගිය ඔක්තෝම්බර් මාසය සඳහා ලැබී තිබූ රුපියල් ලක්ෂ 27ක් වූ විදුලි බිල්පත සඳහා මහජන උපයෝගීතා කොමිසම පොරොන්දු වූ සහනයක් ලබාදී තිබෙනවා.

පසුගියදා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා මහනාහිමිවරුන් බැහැදැක ප්‍රකාශ කළේ ආගමික ස්ථානවලට සහනයක් ලබා දෙන බවයි.

ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මතු වූ කතාබහක් සමඟ ආගමික ස්ථාන, පුණ්‍යායතන කාණ්ඩයෙන් ඉවත් කර පොදු කාර්ය යටතට ගැනුණා.

මේ අනුව ඉහළ නැංවූ ආගමික ස්ථානවල විදුලි ගාස්තුව ඊට සාපේක්ෂව 50% කින් පමණ පහත දැමීමට පියවර ගැනුණා.

කෙසේ වෙතත් මීට පෙර මාසයේ ශ්‍රී දළඳා මාලිගාව සඳහා රුපියල් ලක්ෂ 27ක විදුලි බිල්පතක් ලැබී තිබූ අතර අදාළ සහනය එම බිල්පතට ඇතුළත්ව නොතිබූ බවයි.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සමඟ සාකච්ඡා කර අදාළ සහනය ලබා දී ඇති බවයි.

එම සහනය හිමිවීමෙන් පසු දළඳා මාලිගාවේ පසුගිය මාසය සඳහා වන විදුලි බිල රුපියල් ලක්ෂ 13ක් දක්වා අඩු වී ඇති අතර එය ගෙවා දැමීමට පියවර ගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ...

POPULAR ARTICLES

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...