24 C
Colombo
Monday, January 20, 2025

දමිතා සහ සැමියා අධිකරණයට භාරවෙයි

- Advertisement -

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

ඉකුත් (02) වැනි දා ඔවුන්ව ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය කටයුතු කර තිබුණා.

එමෙන්ම , දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට ඊයේ (03) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් විදෙස් ගමන් තහනමක්ද පැනවීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම මේ වන විට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙමින් පවතිනවා.

අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී අදහස් දැක්වු දමිතා අබේරත්න,

“මම හැංගුනේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකන්නි ක්‍රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. ඔය පොහොට්ටුව ඇතුළු දේශබන්දු මේ සිඟිති ආතල් එක ගන්න. මමත් අවුරුදු සමරනවා හිරගෙදර. “

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසය විසින් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියාට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබුණේ දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සැකකරුවන් ලෙස නම් කරන බවයි.

RECENT ARTICLES - SINHALA

මනූෂ CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම්

දකුණු කොරියවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ඔහුගේ...

මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්

ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය...

අදානිගේ ව්‍යාපෘතියකට දුන් බදු සහනයෙන් ඩොලර් මිලියන 200ක පාඩුවක්

අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සමාගම සහ ජෝන් කීල්ස් සමාගම විසින් මෙහෙයවන කොළඹ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතියට , ආයෝජන මණ්ඩලය විසින් ලබා...

POPULAR ARTICLES