29 C
Colombo
Tuesday, May 21, 2024

දමිතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

- Advertisement -

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා, රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළැයි කියමින් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ප්‍රසිද්ධ රංගන ශිලිපිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍ර කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (27) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දමිතා අබේරත්න මහත්මිය පවතින නඩු සඳහා ඇප මත සිටීමත් දිගින් දිගටම පැමිණිල්ලට සහාය නොදී විමර්ශන කටයුතු මඟ හැර සිටීමත් පැමිණිල්ල සම්බන්ධයෙන් අගාමික විගාමික පනතේ 45(ඇ) වගන්තිය යටතේ කරුණු වාර්තා කර තිබීම නිසා ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණය බලයක් නොතිබීමත් හේතුවෙන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබුණා.

තමන් ප්‍රසිද්ධ රංගන ශිලිපිනියක් මෙන්ම දේශපාලනයේ නිරත වන්නියක වීම හේතුවෙන් දමිතා අබේරත්න මහත්මියට අපකීර්තියක් ගෙන දීම සඳහා කළ පැමිණිල්ලක් බව පවසමින් ඇය සහ ඇයගේ සැමියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ගොනු කර තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් දමිතා අබේරත්න මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා පවසා සිටියේ මෙම පැමිණිල්ල කිසිම සාධකයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අරමුණින් අගාමික හා විගාමික පනත යටතේ කරුණු වාර්තා කිරීම වැරදිසහගත බැවින් එම කොටස අවලංගු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ රිට් පෙත්සම් 2 ක් ගොනු කර ඇති අතර එය අප්‍රේල් 2 වැනිදා විභාගයට ගන්නා බවයි.

RECENT ARTICLES - SINHALA

සාපෙළ ලියද්දී අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතරතුර අසාධාරණයකට ලක් වූ සිසුන් පිරිසක් අද (20) ප්‍රකාශ ලබාදීම සඳහා මානව හිමිකම්...

කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා. ටී-56 ගිනිඅවියකින් නිවස තුළ...

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...