27.8 C
Colombo
Friday, April 26, 2024

‘වස්ති’ Youtube නාලිකාවට එරෙහිව ඩෑන් ප්‍රියසාද් පොලීසි යයි. අනෙක් Youtube නාලිකාවලටත් තර්ජන

- Advertisement -

වස්ති Youtube නාලිකාවට එරෙහිව අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් මහතා පොලිස් මූලස්ථානය වෙත අද (07) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

අදාළ පැමිණිල්ල මඟින් ඔහු චෝදනා කරන්නේ වස්ති Youtube නාලිකාව මගින් ඉදිරියේදී ප්‍රචාරය කිරීමට නියමිත වීඩියෝවක් මගින් ඉතිහාසයේ එන රජවරුන්ට හා ත්‍රිවිධ හමුදාවට අපහාසයක් සිදුකර ඇති බවයි.

අදාළ වීඩියෝවේ නිලමේ ඇදුම ඇඟලා ගත් පුද්ගලයෙකු ත්‍රිවිධ හමුදාවට අයත් ලාංඡන පැළද සිටින බවත් එමගින් හමුදාවේ ගරුත්වයට හානියක් සිදුකර ඇති බවත් ඩෑන් ප්‍රියාසාද් මහතා මාධ්‍ය අමතමින් සඳහන් කළා.

එමෙන්ම දුටුගැමුණු, විහාරමහාදේවි වැනි ඓතිහාසික වීර චරිත අදාළ වීඩියෝව මඟින් හෑල්ලුවට ලක්කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙරට ක්‍රියාත්මක Youtube නාලිකා හරහා ජනමනස විකෘති කරමින් සිටින බවත් ඒවා නියාමනය කිරීමට කටයුතු කල යුතු බවත් ඩෑන් ප්‍රියසාද් මෙහිදී සදහන් කළා.

අදාළ වීඩියෝවේ එක් තැනෙක “සර් ෆේල්” යනුවෙන් සදහනක් කෙරෙනවා.

කෙසේ වෙතත් අදාළ සිදුවීම පිළීබදව News19 වස්ති Productions ආයතනයෙන් සිදුකල විමසීමේදී එහි සාමාජික අනුෂ්ක උදාන පැවසුවේ අදාළ වීඩියෝවෙන් කිසිදු පුද්ගලයෙකු හට අපහාසයක් සිදුකර නොමැති බවයි.

ඉදිරියේදී එළිදැක්වීමට නියමිත වීඩියෝවේ ඇත්තේ මන:කල්පිත පුද්ගලයෙකු වටා ඇති කතාවක් මිස ඔහු අඩුතරමේ රජෙකු හෝ නොවන බව අනුෂ්ක සඳහන් කළා.

ඩෑන් ප්‍රියසාද් විරෝධය පලකරන වස්ති Youtube නාලිකාවේ වීඩියෝව පහතින්,

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...