30.3 C
Colombo
Friday, April 26, 2024

මිතුරු වෙසින් එන භයානක රතු මකරා

- Advertisement -

චීනය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික දේශපාලන හා සංස්කෘතික සබඳතා ඉතිහාසය අවුරුදු දහස් ගණනක් අතීතියට දිවෙන්නක්.

එම ඓතිහාසික මිත්‍ර සබඳතාව මතම සිට ආර්ථික අර්බුදයක රට ගිල්වා ආක්‍රමණය කොට සිය ලෝක බලවතා වීමේ සිහිනය කරා යන ගමනේ තවත් එක් ගොදුරු බිමක් බව⁣ට ශ්‍රී ලංකාව පත් කරගැනීමේ මිත්‍ර ප්‍රතිරූපක භූමිකාවකට චීනය පණ පොවමින් සිටින්නේ මෑත දශක දෙකක පමණ කාලයක සිටයි.

ආර්ථික ඵලදායී නොවන ව්‍යාපෘති සඳහා ඉහළ පොලී අනුපාත යටතේ ණය ලබා දෙමින් චීනය සිය ආධිපත්‍යයට මෙරට යටත් කරගන්නේ සහශ්‍රකයේ ආරම්භයේ සිටයි.

ඒ එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රදර්ශනකාමී සංවර්ධන ව්‍යාපෘති සඳහා අත දිගහැර ණය ලබා දෙමින්.

වත්මන් තත්ත්වය පිළිබඳ අනාවැකි පලකළ ශ්‍රීමත් ජෝන් කොතලාවල 1955 තරම් ඈතකදී අනතුරු ඇඟවූයේ, “තව දශක කීපය ගත වන විට අප කලාපයට යුරෝපය දෙසින් ආක්‍රමණයක් සිදු නොවන නමුත් චීනය විසින් කලාපය තුළ පතුරුවනු ලබන ආර්ථිකමය ආක්‍රමණය හේතුවෙන් අපගේ රටවල් අනාරක්ෂිත කරමින් කලාපයේ සාමය බිඳ වැටෙනු ඇති” බවයි.

වසර 65කට පෙර කළ එම ප්‍රකාශය මේ වනවිට කොතරම් සත්‍යය දැයි මේ වනවිට සනාථ වී ඇති අතර එහි කණගාටුදායක ඉරණමට රටක් ලෙස අප මුහුණ දෙමින් සිටනවා.

චීන – ශ්‍රී ලංකා සබඳතාවයේ ඇති නමුත් ලොවට සඟවන භයානක මුහුණුවර පිළිබඳ නව වසර ආරම්භයේදීම යළි කතාබක් නිර්මාණය වන්නේ ආණ්ඩු බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා චීන-ශ්‍රී ලංකා සබඳතා සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජිංපිං වෙත යොමු කළ ලිපියක් සමගින්.

චීනය ශ්‍රී ලංකාව සමග පවත්වාගෙන යනු ලබන මිත්‍රශීලී සබඳතාවය තවදුරටත් අවංක සහ අව්‍යාජ නොවන බව ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සිය ලිපිය ආරම්භ කරමින් පවසනවා.

විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ ශ්‍රී ලංකාවට දීර්ඝ කාලයක් තිස්සේ සහයෝගය ලබාදුන් ලබාදුන් රටවල් සමඟ ඇති මිත්‍රශීලී සබඳතාවයට හානි කිරීමට චීනය කටයුතු කර ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ චීන ජනරජය අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කරගැනීම සහ විශ්වසනීයත්වය සාධනීය ලෙස යළි ගොඩ නැංවීම සම්බන්ධයෙන් යොමු කෙරෙනු අදාළ ලිපිය කරුණු 45 කින් සමන්විතයි

ශ්‍රී ලංකාව සහ චීනය අතර හොඳ හිත සහ මිත්‍රත්වය ක්‍රිස්තු පූර්ව කාලයේ පටන් පැවැත එන්නක් බවත් ඒ පිළිබඳ පාහියන් භික්ෂුව සිය දේශ ගවේෂණ චාරිකාව ලෙස සටහන් කර ඇති බවත් විජයදාස රාජපක්ෂ මහතා සිය ලිපියෙන් සිහිපත් කරනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ දී මුහුණ පෑ ඕනෑම ප්‍රශ්නගත අවස්ථාවකදී චීනය නොපැකිලව සහය ලබාදුන් බවත් ශ්‍රී ලංකාව ද චීනය වෙනුවෙන් සෑම අවස්ථාවකදීම පෙනී සිටි බවත් සිහිපත් කරන විජේදාස රාජපක්ෂ මහතා වියට්නාම යුධ සමයේ දී ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇතිකරගත් ඇතිකර ගත් “චීන ලංකා රබර් සහල් ගිවිසුම” දෙරට අතර මිත්‍රත්වය ඓතිහාසික මං සලකුණක් වූ බව පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් චීනයේ විදේශ ප්‍රතිපත්තිය සහ ආර්ථික උපාය මාර්ග ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මත “එක් තීරයක් – එක් මාවතක්” ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග දෙරට අකර මිත්‍රශීලී සබඳතා අමිහිරි යථාර්තයක් බවට පත්ව ඇති බවයි විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

දෙරට අතර පවතින මිත්‍රශීලී සබඳතාවය මෙරට ජනතාවගේ ජීවිත පරදුවට තබා චීනය ලෝක බලවතා වීමට යන ගමන වෙනුවෙන් යොදා ගෙන තිබීම කනගාටුවට කරුණක් බව විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

චීනය ලෝක බලවතා වීමේ අභිලාෂයෙන් ගෙන යන අරගලය තුලින් කලාපයේ සහ ලෝකයේ සාමය බිඳ වැටෙමින් පවතින බවත් එහි පළමු වින්දිතයන් බවට ශ්‍රී ලංකාවේ ජනතාව පත්ව සිටින බවත් විජයදාස රාජපක්ෂ මහතා චීන ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්.

ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් මුළුමනින්ම බංකොලොත් කොට දීර්ඝ කාලයක් තිස්සේ මේ රටට සහයෝගය ලබාදෙමින් සිටින ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ යුරෝපීය රටවල් සමඟ ශ්‍රී ලංකාවට ඇති මිත්‍රශීලී සබඳතාවයට හානි කිරීමට චීනය කටයුතු කළ බවට විජේදාස රාජපක්ෂ මහතා චෝදනා කරනවා

2005 වසරේදී හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 580ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ ද ඒ සඳහා ගෙවා ඇති මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1285ක් බව විජේදාස රාජපක්ෂ මහතාගේ ලිපියේ සඳහන්.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය දෙන සංවිධාන සහ රටවලින් සියයට එකකට හෝ ඊට අඩු පොලී අනුපාතයක් යටතේ ණය ලබා ගැනීම සිදු කළ ද පළමුවරට 6% ඉක්ම වන පොලී අනුපාතයක් මත ණය ලබා ගෙන හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවත් විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

අධික පොලියක් යටතේ එලෙස ණය ලබා ලබා ගැනීම සිදුකර ඇත්තේ චීන සමාගම් එවැනි ගනුදෙනු වලදී අධික ලෙස කොමිස් ලබාදීම නිසා බවයි විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ.

චීනයෙන් ණය ලබා ගනිමින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ, කොළඹ නෙළුම් කුළුණ වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ ද ඒ අතරින් ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් වන්නේ නොරොච්චෝලේ බලාගාරය පමණක් බව විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

එම ව්‍යාපෘති සඳහා ණය ලබා දෙමින් ශ්‍රී ලංකාව ණය උගුලක සිරකළ බවට චීනයට චෝදනා කරන විජයදාස රාජපක්ෂ මහතා ඒ හරහා චීනයට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිරවීමට කටයුතු කරන බවට ද චෝදනා කරනවා.

එමගින් ලෝක බලවතා වීමට යන ගමනේදී ශ්‍රී ලංකාව තවත් එක් යුද පිටියක් බවට පත් කර ගැනීම චීනයේ අරමුණ බව චීන ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්.

හම්බන්තොට වරාය සඳහා ආයෝජකයෙකු සොයාගැනීමේදී ටෙන්ඩර් කැඳවීමක් සිදු කළේ නම් චීන සමාගම ආයෝජනය කළ මුදල මෙන් පස් ගුණයකට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකාවට ලබාගත හැකිව තිබූ බවයි විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

අදාළ ගිවිසුමට විරුද්ධ වීම හේතුවෙන් තමන්ට කැබිනට් අමාත්‍ය ධුරය පවා අහිමි වූ බව සිහිපත් කරන විජයදාස රාජපක්ෂ මහතා එම ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති එක්දින විවාදය නතර කිරීමට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එක්ව කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කළ බවට චෝදනා කරනවා.

එම විවාදයට දින නියම ව තිබිය දී චීන රජය විසින් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාට ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීම මන්ත්‍රීවරුන්ට ලබා දුන් අල්ලසක් බව විජයදාස රාජපක්ෂ මහතාගේ චෝදනාවයි.

හම්බන්තොට වරාය වරායේ ආධිපත්‍යය චීනයට ලබා දීම නිසා ඇමරිකාව සමග MCC සහ SOFA ගිවිසුම්වලට ඇතුලත් වීමටත්, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා දෙන ලෙසටත් ශ්‍රී ලංකාවට බලපෑම එල්ල වූ බව විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

කොළඹ වරාය නගරය ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමේ අභිලාෂයක් ඇතත් එහි චීන ආධිපත්‍යය පවතිනතුරු ඉන්දියාව, ජපානය, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව හෝ යුරෝපා කලාපීය රටවල් එහි ආයෝජනයට ඉදිරිපත් නොවන බව පැහැදිලි වන්නේයැයි ව විජේදාස රාජපක්ෂ මහතා චීන ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වනවා.

ශ්‍රී ලංකාව දැනටමත් ජාත්‍යන්තර හුදෙකලා වී ඇති බවත් චීන බලපෑම් පවතින තාක් කල් ශ්‍රී ලංකාවට ඉතා අසීරු කාලයක් ගත කිරීමට සිදුවන බවත් විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

චීන ආධිපත්‍යය හේතුවෙන් සාම්ප්‍රදායික මිත්‍ර රටවල් රැසක් ශ්‍රී ලංකාවෙන් ඈත් වෙමින් ඇති බවත් ඒ හරහා ශ්‍රී ලංකාවට විශාල ආර්ථික හානියක් සිදුවන බවත් විජයදාස රාජපක්ෂ මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා

ලැබෙන පළමු අවස්ථාවේදීම පවතින ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව ඉවත් කොට පිහිටුවන නව රජයක් යටතේ පසුගිය අවුරුදු පහළොවක කාලය තුළ විදෙස් රටවල් හෝ සමාගම් සමග සමඟ ඇති කරගත් සියලු ගිවිසුම් නැවත සලකා බලන බව ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

ගිවිසුම්ගතවීමේ ක්‍රියාදාමය තුළ දූෂණ සහ අක්‍රමිකතා සිදුව ඇත්නම් එම ගිවිසුම් සියල්ල අහෝසි කරන බව සිය ලිපිය මගින් විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

එමෙන්ම සෙලෙන්දිවා සමාගම හරහා චීනය ලබා ගන්නා ඕනෑම දේපලක් අවලංගු කරන බව ද විජේදාස රාජපක්ෂ මහතා චීන ජනාධිපතිවරයා වෙත යොමු යොමුකළ ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

වැඩිදුරටත් පවසන්නේ එවැනි අවලංගු කිරීමකදී කිසිදු ගෙවීමක් සිදු නොකරන බවයි.

මිතුරු වෙසින් පැමිණ චීනය සිදුකරන ආක්‍රමණය පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ගෝලීය සංවිධාන මෙන්ම ඇමෙරිකාව, ඉන්දියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ශ්‍රී ලංකාව ඇතුලු චීන ණය උගුලට ගොදුරු වූ රටවලට අනතුරු ඇඟවූයේ වරක් දෙවරක් නොවේ.

ඒ පිළිබඳ තැකීමක් නොකළ ආණ්ඩු රටත් ජනතාවත් අතිශය දරුණු හා දිනෙන් දින ප්‍රපාතයටම යන ආර්ථික අර්බුදයක රට ගිල්වා තිබෙනවා.

රට තුල ඇති චීන ආධිපත්‍යය හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ වන විට එල්ල වන ගෝලීය බලපෑම්ද ඉහළ ගොස් තිබෙනවා.

ඒ තුල සමස්ත කලාපයේම භූ දේශපාලනික සාමය බරපතල ලෙස අස්ථාවර වී ඇත්තේ කලාපීයව මෙන්ම ජාත්‍යන්තරය තුලත් ශ්‍රී ලංකාව තවදුරටත් හුදෙකලා කරමින්.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...