බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ප්‍රතිකාර සදහා හික්කඩුවේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුගේ ළඟම ආශ්‍රිතයන් කිහිප දෙනෙක් පිළිබදවද මේ වන විට තොරතුරු අනාවරණය වනවා.
ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා විශ්‍රාම ගැනීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ ප්‍රියසම්භාෂණයට පසුගියදා දයාසිරි ජයසේකර මහතා සහභාගී වුණා.
එහිදී මුඛ ආවරණයක් හෝ නොපැලද සිටි ඔහු අමාත්‍ය විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දු සමඟ එක්ව ගී ගයන ආකාරයද දක්නට ලැබුණා.



එමෙන්ම දයාසිරි ජයසේකර මහතා පසුගිය 4 වනදා කොළඹගම රජමහා විහාරයේ පැවති ආශිර්වාද බෝධිපූජා පිංකමකටද සහභාගීවී තිබෙනවා.



