28 C
Colombo
Saturday, July 27, 2024

මැරුණ කුකුල්ලු පාර්ලිමේන්තු ගිහින්

- Advertisement -

රජය අඩු ආදායම්ලාභීන් සඳහා බෙදා දෙන ලද සහල් කෑ පානගමුවේ කුකුළන් හත් දෙනකු මිය යාමේ සිද්ධිය පිළිබඳව දැනුවත් දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (14) විමසා සිටියා.

රජය අඩු ආදායම් ලාභීන් සඳහා දුන් සහල් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ද ප්‍රශ්න ඇතිවූ බව පැවසු රහුමාන් මහතා පානගමුවේ ගම්වැසියෙක්ගේ කුකුළන් හත් දෙනකුද මෙම සහල් කෑමෙන් පසු මිය ගොස් තිබෙන බව මාධ්‍යයේ පළවී තිබෙන බව සඳහන් කළා.

මහජන සෞඛ්‍ය නිලධාරීන්ටත් මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබේද යන්න පිළිබඳ යම් දැනුවත් වීමක් තිබේද යන්න දැනගැනිම සතුටට කරුණක් බවත් රහුමාන් මහතා පවසා සිටියා.

සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ ඒ කාරණය විෂය බාර අමාත්‍යංශයට යොමු කොට පිළිතුරක් ලබා දෙන බවත් ක්ෂණිකව පිළිතුරක් ලබා දෙන්නට නොහැකි බවද සභානායකවරයා සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...