25 C
Colombo
Monday, May 20, 2024

සජබයෙන් නෙරපීමට එරෙහි ඩයනාගේ පෙත්සම ගැන තීන්දුවක්

- Advertisement -

තමන්ව සමගි ජන බලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (10) ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.  

එම අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව, අදාළ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙසත් නියෝග කළ විනිසුරු මඩුල්ල එදින මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණය දැනුම් දෙන ලෙසත් නියම කළා.  

මෙහි වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සාපෙළ ලියද්දී අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතරතුර අසාධාරණයකට ලක් වූ සිසුන් පිරිසක් අද (20) ප්‍රකාශ ලබාදීම සඳහා මානව හිමිකම්...

කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා. ටී-56 ගිනිඅවියකින් නිවස තුළ...

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...