ජනාධිපති මන්දිරයේ තිබූ මුදල් සොයාගැනීමේ සිද්ධියට අදාළව තමන්ට එරෙහිව ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ලක් අත්හිටුවන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ඇරඹේ
අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද(19) අභියාචනාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණා.
එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කිරීම සිදු කළා.
ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ අදාළ පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයාට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ සිතාසිය නීතියට පටහැනි බවයි.
ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන 22 වනදා දක්වා කල් තැබුණා.