32 C
Colombo
Saturday, May 4, 2024

කල් ඉකුත් වූ කදුළු ගෑස් විනාශ කරන්න

- Advertisement -

පොලිස්  ස්ථානවල පවතින කල් ඉකුත් වූ කදුලු වායු (tear gas) විනාශ කරන ලෙස  රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනව .

කඳුළු වායු කිසිවිටකත් පාවිච්චි නොකරන බවත් ඒවා අපහරණය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කර ඇති බව  පොලිස්පතිවරයා ඇතුළු ප්‍රධානීන් මෙහිදී සඳහන් කළා.

එසේම කඳුළු ගෑස් මහජන කැරලි කෝලහල පාලනයේදී ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව යොදා ගැනීම සම්බන්ධයෙන් ද වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස කෝපා කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙහිදී පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා කියා සිටියේ අනාගතයේ පොලිස්පති තනතුර ඇතුළු ඉහළ නිලයන්ට පත්වීමට කාන්තාවන් සදහා ද අවස්ථාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහිත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව කාන්තා පොලිස්පතිවරියක අනාගතයේදී බිහිවීමට අවස්ථාව සැලසෙනු ඇතැයිද පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.

රාජ්‍ය  ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගියදා රැස්ව තිබුණා.

පොලිස් නිලධාරීන්ගේ භාෂා කුසලතාව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබදවද මෙහිදි විශේෂ අවධානය යොමු වූ අතර දමිල සහ ඉංග්‍රීසි භාෂා කුසලතාව පොලිස් නිලධාරීන්ට ලබා දීමේ වැඩසටහන් රැසක්  ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ  පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළා.

එම කටයුතු වඩාත් විධිමත් කිරීමේ අවශ්‍යතාව කමිටුව මෙහිදී පෙන්වා දී තිබෙනවා .

RECENT ARTICLES - SINHALA

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...