31 C
Colombo
Saturday, May 18, 2024

ආයෙත් ක්‍රිකට් ක්‍රීඩා කරනකම් ඉවසිල්ලක් නැහැ – ධනුශ්ක ගුණතිලක

- Advertisement -

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවි සංකීර්ණයෙන් පිටතට පැමිණි ධනුෂ්ක ගුණතිලක මෙලෙස අදහස් පළ කර තිබුණා.

“මට තවත් කිවයුතු වැඩි දෙයක් නැහැ. විනිසුරුවරිගේ තීන්දුවෙන් සියලුදේ කියවුණා කියා මම හිතනවා. මගේ මේ දුෂ්කර කාලයේදි මට සහයෝග දැක්වු සියලුදෙනාට මේ අවස්ථාවේ ස්තූති කරන්න කැමතියි. පසුගිය මාස 11 ක පමණ කාලය මට අතිශයින්ම දුෂ්කර කාලයක් වුණා. විශේෂයෙන් මගේ නීතිඥයින්ට ඇත්තෙන්ම නීතිඥ මුරුගන් තංගරාජ් අද මෙහි පැමිණ නැතත් ඔහු සහ අනෙකුත් නීතිඥයින්ට බොහොම ස්තූතියි. මගේ කළමනාකරු, එලීන් සහ මගේ දෙමාපියන් සහ ශ්‍රී ලංකාවේ තවත් කිහිපදෙනෙක් , ඔවුන් සියල්ලන් මාව විශ්වාස කළා. එය මට ලොකු ධෛර්යක් වුණා. ඉතිං අවසානයේ විනිසුරුවරිය නිවැරදි තීරණයකට පැමිණියා. මා කිව් පරිදි ඒ තීන්දුවෙන් සියල්ල කියවෙනවා.මගේ ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම ඇත්තෙන්ම සතුටුයි. මට නැවතත් ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන තුරු නොඉවසිල්ලෙන් ඉන්නේ.”

RECENT ARTICLES - SINHALA

බාල බෙහෙත් සිද්ධිය ගැන ජාතික විගණන කාර්යාලයේ අවධානය

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු...

ප්‍රසිද්ධියේ සමාව ගන්න.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා...

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...