32 C
Colombo
Thursday, March 28, 2024

ගෑස් කාන්දු හොයන්න සබන් පෙණ දාන්න එපා

- Advertisement -

ගෑස් සිලින්ඩරයේ කැප් එක ඉවත්කර එයට සබන් පෙණ දැමීම තුළින් එහි අභ්‍යන්තරයේ ඇති සීල්වලට හානි සිදුවන බව ඉන්ධන සහ ගෑස් තාක්ෂණික උපදේශක උපාලි ජයසුන්දර මහතා පවසනවා.

එබැවින්, ගෑස් සිලින්ඩරයේ කැප් එක තුළට සබන් පෙණ දැමීමෙන් වළකින ලෙසයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ගෑස් සිලින්ඩරයක් කිසිදු විටකදී විවෘත කර තියන්න එපා. ගෑස් ඉවර වුණාම විතරයි ඒ කැප් එක ගලවලා තියන්න පුලුවන්. ඒ හැරුණාම කිසිදු විටකදී සිලින්ඩරයේ කැප් එක ගලවලා සබන් පෙණ දාලා චෙක් කරන්න යන්න එපා.

සබන් පෙණ දැම්මොත් වෙන්නේ ඕකේ තියනවා සීල් වගයක්. ඒවා නරක් වෙන්න පුලුවන්. මගේ උපදේශය ඒක කරන්න එපා. යම් කෙනෙක් සබන් පෙණ දාලා චෙක් කරලා මේකෙ එහෙම ලීක් වෙනවානම් කරන්න තියෙන්නේ රෙගියුලේටර් එක සවි කරන එක. එයින් පසුවත් ඔබට දැනෙනවා නම් ගෑස් ලීක් වෙනවා කියලා ශබ්දයත් එක්ක, රෙගියුලේටරයට සවිකර තිබෙන තැනට සබන් පෙණ ගාලා චෙක් කරන්න පුලුවන්.

නැත්නම් රෙගියුලේටර් එකේ හෝස් කැප් එක ලඟ චෙක් කරන්න පුලුවන්. තවත් ලීක් වෙනවා නම් කැප් එක ගහලා සිලින්ඩරය පැත්තකින් තියන්න තියෙන්නේ. ඒකයි කරන්න තියෙන්නේ.”

“සිලින්ඩරයට කිසිදු විටකදී වතුර දාන්න යන්න එපා. සැකයක් තියනවා නම් පැත්තකින් අරන් තියන්න. අදාළ ආයතනයට කතා කරලා ඒ ගනුදෙණුව කරගන්න.”

RECENT ARTICLES - SINHALA

උද්දික යළි දිවයිනට

ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන යළි දිවයිනට පැමිණ තිබෙනවා. උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා...

චීනයෙන් හම්බන්තොටට ඉන්ධන පිරිපහදුවක්

චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන...

ෂොපින් බෑග්වල බඩු ගන්න අය මේකත් දැනගන්න

වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...