28 C
Colombo
Sunday, May 5, 2024

අපරාධකාරයින්ට ගිනිඅවිය භාවිත කරන්න බය වන්න එපා-ටිරාන්

- Advertisement -

අපරාධකරුවන් තුරන් කිරීම පවක් නොවන අතර අතේ තිබෙන ගිනි අවිය භාවිත කිරීමට පොලිස් නිලධාරීන්ට බිය නොවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (25) කළුතර, කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලියේදී.

යුක්තිය මෙහෙයුමට සමගාමීව රාජකාරී නිරත නිලධාරීන්ගේ සහයට මෙන් ම වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කර පළා යන වෙඩික්කරුවන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් මෙම යතුරුපැදි කණ්ඩායම පුහුණු කර තිබෙනවා.

එම පුහුණුව හදාරන ලද විශේෂ යතුරුපැදිකරුවන් 100 දෙනෙකු මෙහිදී විසිර ගොස් තිබුණා.

මෙම යතුරුපැදිකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසය අනුයුක්ත කර බස්නාහිර සහ දකුණ පළාත් යටතේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ රාජකාරී යෙදවීමට නියමිත බව සඳහන්.

“අපි ඔබ වෙනුවෙන් හරි දේට පෙනී හිටිනවා. මම මෙතන වැඩිය කතා කරන්න ඕන නැහැ. මෙතන අය මොකක් ද? කරන්න ඕන කියල දන්නවා. මොකක් ද? අවශ්‍යතාව කියලා හැමදේ ම දන්නවා. මේ කණ්ඩායම මදි වුණොත් තව පොලිස් යතුරුපැදි කණ්ඩායමක් පිහිටවනවා. අපිට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය මොකක්ද කියලා සියලු පොලිස් නිලධාරීන් දන්නවා. මට අවශ්‍ය ඒ ඉලක්කයට යන්න පමණයි. ඔබ සියලු දෙනාට ම පඩි වැඩි කිරීම් ඇතුළු හැම දෙයක් ම කළා. මම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඉලක්කයට යාම පමණයි. කුඩු විකුණන, පාතාලයට සම්බන්ධ, මිනීමරන පුද්ගලයන් මේ රටින් තුරන් කිරීම පවක් නෙවෙයි. ඒ නිසා ඔබේ ඉලක්කයට ඔබ යන්න. මේ වැඩ කටයුත්ත පොලිස්පතිතුමාගේ නායකත්වයෙන් උපදෙස් පරිදි වැඩ කරගෙන ගිහිල්ලා මේ රට හොඳ තැනකට ගෙනියමු.”

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...