25 C
Colombo
Sunday, May 19, 2024

සමාජ මාධ්‍ය රැලි වලට අහු වෙන්න එපා..! – සජිත්

- Advertisement -

මැතිවරණ වේදිකා උඩ නැග ජනතාවට බොරු කියා, කයිවරු ගසා, රස කතා කියා ජනතාව අන්දවපු කාලයට දැන්වත් තිත තැබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ, ඇහැලියගොඩ දී පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේ දීයි.

2019 මෙන්ම 2023 දී විවිධ පක්ෂ පැමිණි කියන රස කතා සහ සමාජ මාධ්‍ය හරහා මුදල් වියදම් කර නිර්මාණය කළ විවිධ රැළිවලටත් හසු නොවන ලෙසයි විපක්ෂ නායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

සජිත් ප්‍රේමදාස දන්නේ බස් බෙදන්නට පමණක් බවට චෝදනා කරන පුද්ගලයන්ට කියන්නට ඇත්තේ සජිත් ප්‍රේමදාස එසේ බෙදා දෙන්නේ අදාල පුද්ගලයන් විසින් සම්පත් නොමැතිව යමක් ඉල්ලා සිටි නිසා බවයි ඔහු පවසන්නේ. එමෙන්ම ප්‍රයෝජනයක් නොමැතිව කිසි දෙයක් නොබෙදා ඇති බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

පාසල්වල බස් ලබා දෙන්නේ ජනතාවගෙන් ලකුණු දමා ගන්න නොවන බවත් එය නිදහස් අධ්‍යාපන සංකල්පය ශක්තිමත් කිරීමට බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ මින් නොනැවතී බලය ලැබුණු විට පෙර පාසලේ සිටම මෙරට අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කර නව තාක්ෂණයෙන් අනූන අධ්‍යාපන ක්‍රමවේදයක් මෙරටට හඳුන්වා දී ලෝකයට ගැලපෙන ශිල්පීන්, බුද්ධිමතුන් බිහි කිරීමට කටයුතු කරන බව‍යි.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...