29 C
Colombo
Saturday, May 4, 2024

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

- Advertisement -

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද (23) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමබන්ධව කටයුතු කිරීම අධ්‍යාපන විශේෂඥයන්ට පමණක් සීමා නොකර පාසල් ගුරුවරුන්, ආර්ථික ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් මෙන්ම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය වැනි සංගම් ද ඊට සහභාගී කරවා ගන්නා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“1981 වසරේදී මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ධවල පත්‍රිකාව සකස් කරන විට බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා පෞද්ගලික පංති තහනම් කරන්න කියලා. එදා අප ඊට එකඟ වුණේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයේ යුතුකම සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. මේ අතර අමතර පන්ති ක්‍රමය රට තුළ බිහිවී අද එය විශාල දියුණුවක් ලබා තිබෙනවා. එදා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතු වු අඩු පාඩු නිසා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට දේශපාලනය එක්වීම නිසා ගැටලු විසදා ගැනීමට නොහැකි වීම මත ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමාපියන් අධ්‍යාපනය සඳහා විකල්පයක් ලෙස අමතර පන්ති ක්‍රමය තෝරාගත්තා. නමුත් දැන් පාසල් අධ්‍යාපනය සහ අමතර පංති එකිනෙකට සම්බන්ධව ඉදිරියට පැමිණ තිබෙනවා.

විශේෂයෙන්ම පසුගිය කෙරෝනා සමයේ මාර්ගගත තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම පිළිබඳව මෙහිදී සඳහන් කෙරුණා. උසස් පෙළ සිසුන්ට මාර්ගගත අධ්‍යාපනය ලබාදීම සඳහා ටැබ් ලබාදීමට අපි 2017 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කළා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ද වෙන් කළා. නමුත් මතු වූ විරෝධතා නිසා අධ්‍යාපන අමාත්‍යාංශය එය අතහැර දැමුවා. එදා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූවානම් මාර්ගගත අධ්‍යාපනය එතැනින් ආරම්භ වෙනවා. නමුත් අද එම ව්‍යාපෘතිය සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සම්මේලනයෙන් ආරම්භ කිරීම පිළබඳව මම ඔබට ප්‍රශංසා කරනවා.

මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධ්‍යාපන විශේෂඥයන්ට පමණක් සීමා කරන්න බැහැ. ඒ අය වගේම සාමාන්‍ය ගුරුවරු, ආර්ථික අංශය නියෝජනය කරන අය වගේම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සම්මේලනය වැනි සංගම්ද ඊට සහභාගී කරගත යුතු වෙනවා. එම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කර නවීන අධ්‍යාපන ක්‍රමයකට යා යුතුයි. එහිදී ඉදිරිපත්වන කිසිදු අදහසක් ප්‍රතික්ෂේප නොකළ යුතුයි. ඒ වගේම අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් නොකළ යුතුයි. අපි කොච්චර ක්‍රීඩා කළත් ගෝල් එකක් ගහන්න බැහැ. අවසානයේ පරාජය වන්නේ රටයි . ඒ නිසා මෙයින් ඉවත් වී සියලුදෙනා එකට එක්ව කටයුතු කළ යුතුයි. සියලු දෙනා එක්ව අනාගත අධ්‍යාපන ක්‍රමය තීරණය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අප කටයුතු කරනවා. ඒ අනුව වසර 2050 වන විට රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය කුමක්ද කියා මෙම වසර දෙක තුන තුළදී සාකච්ඡා කළ යුතුයි. ඉන් පසුවත් සිදුවන තාක්ෂණික වෙනස්කම් සමඟ පරිවර්තනය වෙමින් අපි ඉදිරියට යමු.”

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...