28 C
Colombo
Monday, May 6, 2024

ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි

- Advertisement -

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඩුබායි ගුවන්තොටුපොළට ජලයෙන් යටවීම හේතුවෙන් ගුවන් ගමන් අඩපණ වී ඇති අතර, ගුවන් තොටුපොළ කටයුතු පැය කීපයකට සම්පූර්ණයෙන්ම අකර්මර්ණය වී තිබුණා.

ඩුබායි බලා යන ගුවන් යානා සියල්ල වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යවා ඇති බවත්, මගීන්ට එම ගුවන්තොටුපොළවල සිට ඩුබායි හි ඔවුන්ගේ ගමනාන්ත වෙත යෑමට බස් රථ ලබා දීමටත් ‘flydubai’ ගුවන් සේවයේ බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඩුබායි ගුවන්තොටුපොළට පැමිණීමට නියමිත මගී යානා බොහොමයක්, අයහපත් කාලගුණය හේතුවෙන් පැය 5 කට ආසන්න කාලයක් උඩු ගුවනේ පියාසරකරමින් සිට පසුව වෙනත් ගුවන්තොටුපොළවලට ගොඩබෑ බවයි සදහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...