29 C
Colombo
Saturday, May 4, 2024

කීරි සම්බා කිලෝවකින් රුපියල් අසූවක අධි ලාභයක්..! : අරුණ

- Advertisement -

ඉදිරි සති කිහිපය වන විට වෙළෙඳපොළේ සහල් මිල තවත් ඉහළ යා හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියෝ පවසන බවත් මේ වන විටත් 7% පමණ පරිභෝජනය කරනු ලබන කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් දෙසීයත් දෙසීය විස්සත් දක්වා ඉහළ දමා ඇති බවත් අරුණ පුවත්පත වාර්තා කරනවා.

ඒ අනුව කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයකින් මෝල් හිමියන් රුපියල් අසූවකට ආසන්න ලාභයක් ලබන බවයි පුවත්පත වාර්තා කරන්නේ.

මේ දිනවල වෙළෙඳපොළට නිකුත් කරන කීරි සම්බා සහල් පසුගිය යල කන්නයේ කිලෝග්‍රෑමය රුපියල් 50 – 60ත් අතර මිලට ගත් ඒවා බව පැවසේ.

එම වී වලින් නිෂ්පාදනය කරනු ලබන සහල් කිලෝග්‍රෑමය රුපියල් 120ක පාලන මිලකට අලෙවි කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් පත්‍රය පසුගිය පෙබරවාරි 08 වැනි දින ඉවත් කර ගැනීමත් සමග සහල් ව්‍යාපාරිකයන් රිසිසේ කීරි සම්බා මිල ඉහළ දැමීම ආරම්භ කරන ලදි. සාමාන්‍යයෙන් කීරි සම්බා වී වලින් සහල් නිෂ්පාදනය කිරීමේදී නියම ගුණත්වය ගැනීම සඳහා මාස 8-12ක් පැරණි වී යොදා ගනියි. සහල් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා වී කිලෝග්‍රෑම් එකහමාරක් අවශ්‍ය අතර ගබඩා, විදුලිය, ශ්‍රමික, ප්‍රවාහන ආදිය සඳහා තවත් රුපියල් දහයක් පමණ වැය වේ.

ඒ අනුව සහල් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය සඳහා රුපියල් සියයක පමණ වියදමක් දරන අතර ඒවා කොළඹට ප්‍රවාහනයට හා සිල්ලර අලෙවි කෙරුණේ ලාභය සහ සහල් මෝල් හිමියාගේ ලාභයට රුපියල් විස්සක මිලක් තබාගෙන කීරි සම්බා සහල් කිලෝග්‍රෑමය රුපියල් 120ක මිලකට අලෙවි කළ හැකිය.

මේ ආකාරයට නාඩු සහල් කිලෝග්‍රෑමයක තොග මිල ද රුපියල් 110- 120ක මිලකටත්, සම්බා සහල් තොග මිල රුපියල් 140 – 150ක මිල ගණන් දක්වා වැඩි කිරීම නිසා සෑම සහල් වර්ගයකම සිල්ලර මිල තොග මිලේ සිට තවත් රුපියල් 5-10ක් අතර මිලකින් ඉහළ ගොස් ඇති බවයි වැඩිදුරටත් පුවත්පත වාර්තා කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...