28 C
Colombo
Saturday, May 4, 2024

EXCLUSIVE – පාර්ලිමේන්තුව වාරවසාන කරයි – කෝප්, කෝපා කමිටුත් අහෝසියි

- Advertisement -

පාර්ලිමේන්තුව ලබන 27 වැනිදා කල් තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

ආණ්ඩූ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයකු සදහන් කලේ ඊයේ (16) සවස පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දි ඇති බවයි.

27 වනදා කල් තබන පාර්ලිමේන්තුව නැවත ‌පෙබරවාරි 08 වැනිදා විවෘත කිරිමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිතිඥ මධුර විතානගේ මහතා විසින් ‌පාර්ලිමේන්තු කමිටු සදහා මන්ත්‍රීවරුන් සහභාගී නොවන බවට ඊයේ (16) පැවැති මන්ත්‍රි කණ්ඩායම් රැස්විමෙදි දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කර තිබෙනවා.

මන්ත්‍රිවරයා සදහන් කර ඇත්තෙ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් අදාල කමිටුවල සාමාජිකයත්වය ගැනිමට තිබෙන උනන්දුව එම කමිටු රැස්වීම් වලට සහභාගී විමට නොදක්වන බවයි.

එය සාවධානව අසා සිටි ජනාධිපතිවරයා තිරණය කර ඇත්තෙ කෝප් ,කෝපා කමිටු වලට නව සාමාජිකයන් සහ සභාපතිවරුන්ට පත් විමට ඉඩ සලසමින් ලබන 27 වනදා පාර්ලිමේන්තුව වාර අවසානය කිරිමටයි.

ඒ අනුව 27 වනදා වාර අවසානය කරන පාර්ලිමේන්තුව යලි ලබන පෙබරවාරි 08 වනවදා විවෘත කිරිමට තීරණය කර තිබෙනවා.

ඊට අදාල ගැසට් නිවේදනය ඉදිරියේදි නිකුත් කිරිමට නියමිතයි.

පාර්ලිමේන්තුව කල් තැබීමත් සමග කෝප්, කෝපා මුදල් ඇතුලු කමිටු අහෝසි වන අතර ඒ සදහා නව සභාපතිවරුන් සහ සමාජිකයින් පත් කෙරෙනූ ඇති.

පාර්ලිමේන්තුව ලබන 27 වැනිදා කල් තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

ඊයේ (16) සවස පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දි තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...