27 C
Colombo
Wednesday, May 8, 2024

විදෙස් මුදල් රටින් පිටවීම වැළැක්වීමට අගමැතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

- Advertisement -

මෙරටින් විදෙස් මුදල් පිටවීම සීමාකිරීම සඳහා රෙගුලාසි කිහිපයක් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මඟින් ශ්‍රී ලංකාව තුළ ඇති වත්කමකින්, මුදල් ත්‍යාග ලෙස විගාමිකයෙකු ලද අරමුදල්වලින් සංක්‍රමණික දීමනාව යටතේ එවන අරමුදල් ආපසු සියරට යැවීම අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම විගාමිකයින්ගේ අරමුදල් ආපසු සියරට යැවීම අමෙරිකානු ඩොලර් 10,000ක් හෝ ඒ සමාන ප්‍රමාණයක් දක්වා සීමා කර ඇති අතර පොදු අවසරය යටතේ විගාමිකයින් සඳහා සුදුසුකම් ලත් සංක්‍රමණික දීමනාව අදාළ කාලය තුළ අමෙරිකානු ඩොලර් 30,000 හෝ ඒ සමාන උපරිමයක් දක්වා සීමා කර ඇති බව ගැසට් නිවේදනයේ සදහන්.

විගාමිකයින් අර්ථ සාධක අර්මුදල්, විශ්‍රාම වැටුප් හෝ එවැනි ප්‍රතිලාභ ආපසු සියරට යැවීම අමෙරිකානු ඩොලර් 30,000ක් හෝ ඒ හා සමාන උපරිමයකට යටත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් පිටත වෙනත් රටක නේවාසික හෝ තාවකාලික නේවාසික වීසා ලබා ගෙන ඇති ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ප්‍රතිමුඛ ප්‍රේෂණ හෝ විදේශ විනිමය නිකුත් කිරීම අමෙරිකානු ඩොලර් 20,000ක උපරිමයක් දක්වා ද සීමා කිරීමට කටයුතු කර ඇති බව ගැසට් නිවේදනයේ සදහන්.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...