27 C
Colombo
Monday, May 6, 2024

පකිස්තාන හමුදා අසමත්- ස්වාත් නිම්නයේ තලේබාන් බලය ඉහළට

- Advertisement -

පකිස්ථානයේ Khyber Pakhtunkhwa දිස්ත්‍රික්කයේ Swat නිම්නයේ ක්‍රියාත්මක අන්‍තවාදී සටන්කාමී කණ්ඩායම්වල ත්‍රස්ත ක්‍රියා මැඩපැවැත්වීමට පකිස්ථානයේ දේශපාලන නායකත්වය මෙන්ම එරට හමුදාව ද අපොහොසත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඒ හමුවේ Swat නිම්නයේ ක්‍රියාත්මක තලෙයිබාන් සංවිධානයට අනුබද්ධ Tehrik Taliban Pakistan සංවිධානය යළිත් සන්නද්ධ වෙමින් සිටින බව එම මාධ්‍ය පෙන්වා දෙයි.

එහි ප්‍රථිපලයක් ලෙස Swat නිම්නයේ TTP සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වසරේදී පමණක් Swat නිම්නයෙන් ත්‍රස්ත ප්‍රහාර වලින් සිවිල් වැසියන් 7 දෙනෙකු ද ඇතුළුව පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එවන් පසුබිමක් මධ්‍යයේ Swat නිම්නයේ ජන ජීවිතය ආරක්ෂා කිරීමට හැකි පරිදි ශක්තිමත් ආරක්ෂාවක් යෙදවීමට පකිස්ථානයේ දේශපාලන නායකත්වයට මෙන්ම හමුදා නායකත්වය ද අපොහොසත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

පකිස්ථානයේ මෙම දුර්වල නායකත්වය හේතුවෙන් TTP සංවිධානය ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනයේ සහය ඇතිව තවත් සන්නද්ධ වෙමින් සිටින බව ද විදෙස් මාධ්‍ය අනාවරණ කරයි.

එමෙන්ම තලෙයිබාන් සංවිධානය කිසිලෙසකින් හෝ Durand දේශසීමාව පිලිනොගන්නා බවත් එහි පැමිණ පකිස්තානයට ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසු එරට බන්ධනාගාර තුළ සිටින TTP සංවිධානයේ ප්‍රභලයින් නිදහස් කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය පවසයි.

එහෙත් එවැනි ක්‍රියාකාරකම් කිසිවක් වැළැක්වීම සදහා පකිස්ථානයේ දේශපාලන නායකත්වය කටයුතු කර නොමැති බව විදෙස් මාධ්‍ය අනාවරණ කරයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...