31 C
Colombo
Saturday, May 18, 2024

ව්‍යාජ අවලෝකිතේෂ්වර රිමාන්ඩ්

- Advertisement -

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා එළඹෙන 24 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගත් සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබෙන බව සඳහන්.

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් මෙම පුද්ගලයා පසුගිය 01 වනදා ඊජිප්තුවේ සිට මෙරටට පැමිණ තිබු අතර පසුව ඔහු විවිධ ස්ථානවලට යමින් දේශන සිදුකරන අයුරුද අනුගාමිකයින් ඔහුට වැඳුම් පිඳුම් කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.

ඒ අනුව අදාළ තැනැත්තාගේ දේශන තුළින් බුද්ධ චරිතයට සහ බෞද්ධ ආගමික ඉගැන්වීම්වලට නිගාවන බවට බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණා.

මෙම අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු පිළිබඳ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබු අතර ඒ සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද ලබාගෙන තිබෙන බවට වාර්තා වනවා.

අනතුරුව සැකකරු නේවාසිකව රැඳීසිටි කැස්බෑව, මාකන්දන සර්වෝදය පාරේ පිහිටි දෙමහල් නිවස වෙත සැකකරු රැගෙන ගොස් එම නිවස පරික්ෂා කිරීමටද විමර්ශන නිලධාරින් කටයුතු කර තිබු අතර ප්‍රශ්න කිරීම් සඳහා සැකකාර අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටි තැනැත්තා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන

RECENT ARTICLES - SINHALA

ප්‍රසිද්ධියේ සමාව ගන්න.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා...

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

ඉදිරි මාස දෙකේදී විදුලි බිල අඩු කරන්න පුළුවන් – අගමැති

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...