28 C
Colombo
Monday, May 6, 2024

පකිස්තානයේ ගොවීන්ගෙන් අනතුරු ඇගවීමක්

- Advertisement -

පාකිස්තාන පාර්ලිමේන්තුවේ දී ගොවීන්ට ලබාදීමට එකඟ වූ සහන පැකේජය දින 10ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වුවහොත් විරෝධතා අරඹන බවට එරට ගොවීන් අනතුරු අගවා තිබේ.

එම විරෝධතා දේශපාලඥයන්ගේ නි‍වෙස් ඉදිරිපිට මෙන්ම අගනුවරදී ද පවත්වන බවට ඔවුන් පවසා ඇත.

ගොවි නියෝජිතයන් මාධ්‍යවේදීන් අමතා පවසා ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොකළහොත් නොවැම්බර් 4 වනදා සිට අඛණ්ඩව විරෝධතා පවත්වන බවයි.

පසුගිය මාස කිහිපය තුළ ඇති වූ අධික ගංවතුර හේතුවෙන් බලුකිස්තාන් සහ සින්ද් හි කෘෂිකාර්මික ඉඩම් සහ ස්ථාවර බෝගවලින් සියයට 70 ක් විනාශ වී ඇති එරට ගොවි සංවිධාන පවසයි.

ෆෙඩරල් සහ පළාත් ආණ්ඩු ගංවතුරෙන් හා වර්ෂාවෙන් පීඩාවට පත් ඉඩම් හිමියන් සඳහා සහනාධාර වහාම ක්‍රියාත්මක කළ යුතු බව ද එම සංවිධාන අවධාරණය කරයි.

කෘෂිකාර්මික අංශයේ පුනරුත්ථාපනය සඳහා විදේශ රටවලින් අරමුදල් පරිත්‍යාග කරන ලද නමුත් ඒවා භාවිතා කරන්නේ කා සඳහාද යන්න පිළිබඳව තමන්ට කිසිදු තොරතුරක් නැති බවත් ඒ පිළිබඳ විස්තර ලබා දෙන ලෙසත් ගොවි නියෝජිතයන් රජයට අවධාරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...