33 C
Colombo
Sunday, May 5, 2024

අපරාධ ඉහළයෑමෙන් පකිස්තානයේ ජනතාව භීතියෙන්

- Advertisement -

පාකිස්තානයේ කරච්චි නගරයේ අපරාධ අනුපාත වැඩිවීම නගරවාසීන් අතර මානසික භීතිය සහ අනාරක්ෂිත හැඟීමක් ඇති කර ඇති බවත් අගනගරයේ ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ එවැනි සිදුවීම් අත්විඳ ඇති බවත් වාර්තා වේ.

මෑත අධ්‍යයනයක් උපුටා දක්වමින් ඩෝන් වාර්තා කළේ එවැනි සිදුවීම් සෘජුවම ජීවිත හානි රැසක් ද සිදුකර ඇති බවයි.

නගරයේ දිස්ත්‍රික්ක හතේම අධ්‍යයනයක් සිදු කළ බවත් කරච්චි හි වීදි අපරාධවල වැඩිවීමක් පෙන්නුම් කර ඇති අතර එහි වැසියන් වඩාත් බියට පත්වී ඔවුන් තුල වඩාත් අනාරක්ෂිත හැඟීමක් ඇති කර ඇති බව පර්යේෂණ සංවිධානයක් වන Pulse Consultant හි කෂිෆ් හෆීස් පවසා තිබේ.

වර්ධනය වන අපරාධ අනුපාත සම්බන්ධයෙන්, කරච්චි වැසියන් එය භයානක ලෙස විස්තර කර ඇති අතර සියයට 69 ක් පමණ, නැතහොත් පුද්ගලයන් 10 දෙනෙකුගෙන් හත් දෙනෙකුම පවසා ඇත්තේ , ඔවුන්ගේ පවුලේ හෝ මිතුරන් වීදි අපරාධවලට ගොදුරු වී ඇති බවයි.

වයස අවුරුදු 16 ත් 55 ත් අතර පුද්ගලයින් අතර කල සමීක්ෂණයේදී සියයට 23 ක් වීදි අපරාධකරුවන් ඔවුන්ගේ බඩු බාහිරාදිය රැගෙන ගිය බව පවසා ඇත.

එපමණක් නොව, පොලිසිය විසින් සම්පාදනය කරන ලද දත්ත අනුව ද පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ අපරාධවල දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ජංගම දුරකථන උදුරා ගැනීම සහ වාහන සොරකම් කිරීම ද කරච්චි නගරයේ ප්‍රබල අපරාධ ක්‍රියාවක් බවට පත්ව ඇති බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...