25 C
Colombo
Sunday, May 19, 2024

විදුලි බිල නොගෙවීම නිසා නිවාස ලක්ෂ 5ක විදුලිය කපලා

- Advertisement -

විදුලි බිල් නොගෙවීම නිසා මේ වසරේ ජනවාරි 01 දා සිට ඔක්තොම්බර් 31 දක්වා කාලය තුළදී නිවාස, ව්‍යාපාරික ස්ථාන හා ආගමික ස්ථාන 512,247ක විදුලිය විසන්ධි කර තිබෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලිබිල් ගෙවීමෙන් පසු නැවත විදුලිය ලබා දීම  සඳහා එක් ස්ථානයකින් රැපියල් 3,000ක අමතර මුදලක් අයකර ගෙන තිබෙන අතර මේ අනුව විදුලිය විසන්ධි කළ ස්ථාන 512,247ක ප්‍රමාණයට නැවත විදුලි සැපයුම් ලබා දී රුපියල් 1,536,741,00ක මුදලක් උපයා ගෙන තිබෙනවා.

පසුගිය වසරේදී විදුලිබිල් නොගෙවීම මත ස්ථාන 193,904ක විදුලිය විසන්ධි කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ස්ථාන සියල්ලම විදුලිබිල ගෙවා නැවත විදුලිය ලබාගෙන තිබෙන අතර නැවත සේවා ලබාදීමෙන් විදුලිබල මණ්ඩලය එම වසර තුළදී රුපියල් 581,712,00ක මුදලක් උපයා ගෙන තිබෙනවා.

විදුලි බල මණ්ඩලය තවදුරටත් සඳහන් කර ඇත්තේ 2021 වසරේදී ස්ථාන 41,607ක විදුලිය විසන්ධි කර තිබෙන අතර නැවත එම ස්ථාන සියල්ල විදුලිබිල් ගෙවා විදුලිය ලබා ගෙන ඇති බවයි.

මේ අනුව අදාළ සේවාව ලබාදීමෙන් එම වසර තුළදී 124,821,00 ක මුදලක් උපයාගෙන තිබෙනවා.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී අලුතින් විදුලි සම්බන්ධතාවක් ලබා දීම සඳහා රුපියල් 22,500 අයකර ගෙන තිබෙන අතර මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට අලුතින් විදුලි සම්බන්ධතාවක් ලබා සඳහා රු 49 500ක මුදලක් අයකර යන්නා බවද විදුලිබල මණ්ඩලය සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...