25 C
Colombo
Sunday, May 19, 2024

මිලින්දට අදානිගෙන් කෑමක්

- Advertisement -

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගේ ධූරකාලය මේ මස අගදී අවසන්වීමට නියමිතයි.

ඒ වෙනුවෙන් පසුගියදා ඉන්දියාවේ ප්‍රමුඛ සාමාගම් ජාලා දෙකක හිමිකරුවන් දෙදෙනෙකු වන අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි හා හින්දුජා සමූහ යුරෝපයේ සභාපති ප්‍රකාශ් හින්දුජා යන ‌දෙදෙනා විසින් දිවා, රාත්‍රී ‌භෝජන සංග්‍රහයන් පවත්වා තිබෙන බවට වාර්තා වෙනවා.

අදානිගේ සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහය ඔහුගේ නිවසේදී පසුගිය සැප්තැම්බර් 05 වැනිදා පවත්වා තිබෙන අතර ප්‍රකාශ් හින්දුජා සිය සමුගැනීමේ දිවා ‌භෝජන සංග්‍රහය මේ සතිය මුලදී පවත්වා තිබෙනවා.

අවස්ථා දෙකේදීම, මහ කොමසාරිස් මොරගොඩ විසින් මෙම ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනා සමඟ තමා පැවැත්වූ සමීප සම්බන්ධතා සිහිපත් කරමින් ඔහු දිල්ලිහි දී සේවය කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහය සඳහා ඔවුන්ට ස්තූතිය ද පුදකර තිබෙන බවට වාර්තා වෙනවා.

1988 දී ගෞතම් අදානි විසින් ආරම්භ කරන ලද, අදානි සමූහය ඉන්දියාවේ විශාලතම ව්‍යාපාරවලින් එකක් වන අතර එම ව්‍යාපාරවලට වරාය කළමනාකරණය, විදුලි බල උත්පාදනය සහ සම්ප්‍රේෂණය, පුනර්ජනනීය බලශක්තිය, පතල් කැණීම්, ගුවන් තොටුපළ මෙහෙයුම්, ස්වාභාවික වායු, ආහාර සැකසුම් සහ යටිතල පහසුකම් ඇතුළත්.

මෝටර් රථ, තෙල් සහ විශේෂිත රසායනික ද්‍රව්‍ය, බැංකු සහ මූල්‍ය සහ බලශක්තිය ඇතුළු අංශ එකොළහක් ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ ඉන්දියානු අන්තර් ජාතික සමූහ ව්‍යාපාරයක් වන හින්දුජා සමූහයට අශෝක් ලේලන්ඩ් (Ashok Leyland) මෝටර් රථ නිෂ්පාදන ආයතනයද අයත්.

මේ කණ්ඩායම් දෙකම ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු ලෙස ආයෝජනද සිදුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...