25 C
Colombo
Sunday, May 19, 2024

චීන විදේශ ඇමති හමුදා පාලනය යටතේ ඇති මියන්මාරයට යයි

- Advertisement -

පසුගිය වසරේ හමුදා කුමන්ත්‍රණයෙන් පසු චීනයෙන් පැමිණි ඉහළම නිලධාරියා බවට පත්වෙමින් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මියන්මාරයේ සංචාරයක නිරතව තිබේ.

එහිදී චීනය මියන්මාරය සමඟ මිත්‍රශීලී සබඳතා වර්ධනය කර ගැනීමටත් ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමටත් ප්‍රතිඥා දුන් බව සදහන් වේ.

චීනය මියන්මාරයේ ස්ථිර චීන හිතකාමී ප්‍රතිපත්තිය අගය කරන අතර, මියන්මාරයේ ජනතාවට ඔවුන්ගේ ජාතික කොන්දේසිවලට අනුකූලව සංවර්ධන මාවතක් වෙත ගමන් කිරීමට සහාය වන බව වැන්ග් මියන්මාර විදේශ අමාත්‍ය මාවුන් ලිවින් හට ප්‍රකාශ කල බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශනයක දැක්වේ.

ජාත්‍යන්තර සංසදවලදී මියන්මාරයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීමට ද මියන්මාරයට සහාය වන බව වැන්ග් පවසා තිබේ.

පවතින ආණ්ඩුව කුමක් වුවත්, චීනය මියන්මාරය සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමට අපේක්ෂා කර ඇති අතර, පැවැත්වීමට නියමිත බීජිං ප්‍රමුඛ සහයෝගිතා යාන්ත්‍රණයේ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමේ මුලසුන ගැනීමට වැන්ග් අපේක්ෂා කරන බව ද වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...