30 C
Colombo
Wednesday, May 1, 2024

විදේශ සංචිත ප‍්‍රමාණය ඩොලර් මිලියන 300යි..! – හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති

- Advertisement -

මෙරට සතු භාවිතයට ගතහැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 300 දක්වා පහත වැටී ඇති බව මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්.ඒ.විජේවර්ධන මහතා පවසන බව දිවයින පුවත්පත වාර්තා කරනවා.

කෙසේ වෙතත්, මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 2300 ක විදේශ සංචිතයක් රට සතුව ඇති බවයි මහබැංකුව ප්‍රකාශ කරන්නේ.

මහබැංකුව එසේ ප්‍රකාශ කරන්නේ චීනයෙන් ලබාගෙන ඇති යුආන් මූල්‍ය පහසුකමත්, රන් සන්චිතයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව ඇති එස්.ඞී.ආර් සංචිතයේ වටිනාකමත් එකතු කිරීමෙන් පසුව බවයි හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා පවසන්නේ.

ඒවා භාවිතයට ගත හැකි විදේශ සංචිත ලෙස නොසැලකෙන බවත්, ඒ සියල්ල ඉවත් කළ පසු – භාවිතයට ගත හැකි විදේශ සංචිත ලෙස ඉතිරිවන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 300 ක පමණ ප‍්‍රමාණයක් බවත් ඩබ්.ඒ.විජේවර්ධන මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...