30 C
Colombo
Friday, May 3, 2024

අධි සුඛෝපභෝගී මහල් නිවාස මිල දී ගන්නා විදේශිකයින්ට දිගුකාලීන වීසා දෙනවා..! – දිලුම්

- Advertisement -

සහාධිපත්‍ය නිවස්න ඒකක (සුඛොපභොගි මහල් නිවාස) ඉදි කරන්නන් හා එම නිවාස මිලදී ගන්නන් විසින් දීර්ඝ කාලයක් සිට රජයෙන් හා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයෙන් කළ ඉල්ලීමකට අනුව දීර්ඝ කාලීන විසා බල පත්‍ර ලබා දීමේ වැඩ පිළිවලක් ක්‍රියාත්මක කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම කර්මානතයේ වර්ධනය වෙනුවෙන් මෙම සුඛෝපභෝගී නිවාස ලබා ගන්නා විදේශකයින් සඳහා දිර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීමේ වැඩ පිලිවෙල ඊයේ (10) දින ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී හදුන්වා දෙන ලදි.

වර්තමානය වන විට ශ්‍රි ලංකාව තුල වඩාත්ම වේගයෙන් වර්ධනය වන කර්මාන්තයක් ලෙස අධි සුඛොපභොගි මහල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති (Condominium Development Project) හදුනා ගෙන ඇත.

මෙම දීර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීම තුලින්, අධි සුඛොපභොගි මහල් නිවාස සංවර්ධන ආයෝජකයින් හා එම නිවාස මිලදි ගන්නා විදේශිකයන් දිරිමත් කිරිම මෙන්ම, වැඩි සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් රට තුලට ගලා ඒම අපේක්ෂිතයි. නව වැඩපිළිවෙල යටතේ වසර 5කට සහ 10කට යන කාණ්ඩ යටතේ වීසා බලපත්‍ර නිකුත් කරයි. වසර 10ක වීසා බලපත්‍ර හිමිකම් ලැබෙනුයේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක ආයෝජනකයකින් නාගරික ප්‍රදේශයක සහාධිපත්‍ය නිවාස මිලදී ගන්නා හිමිකරුවන්ටය.

වසර 5ක විසා බලපත්‍ර හිමිවනුයේ නාගරික ප්‍රදේශයක ඇ.ඩො 1,50,000ක වටිනාකමින් යුතු නිවාස මිලදී ගන්නා අයටය. එමෙන්ම වසර 5ක බලපත්‍රය ඇ.ඩො ලක්ෂ 5කට වටිනාකම්න් යුතු නිවාස ඒකක මිලදී ගන්නා සමාගම්වල උපරිමය අධ්‍යක්ෂවරු 4 දෙනෙකුට හා ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ට හිමිවේ.

මෙහිදි අදහස් දක්වන ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම,

“අධි සුඛොපභොගි මහල් නිවාස 30,000ක් පමණ මෙරට පවතින අතර ඉන් 5000ක් පමණ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘති යටතේ පවතින ව්‍යාපෘති වනවා. මෙම සියලු ව්‍යපෘති සදහා මෙම දිර්ඝකාලීන වීසා බලපත් නිකුත් කිරීම මෙම වැඩසටහන අනුව ක්‍රියාත්මක කෙරේ. මේ තුලින් ඕනෑම රටක විදේශිකයෙකුට මෙරට සහාධිපත්‍ය නිවස්න මිලදීගැනීමටත්, ඒ සදහා ආයෝජන කිරීමට ඇති අවස්ථාවන් පුළුල් වනවා. මේ වනවිටත් චීනය, ඉන්දියාව, පාකිස්ථානය, කොරියාව, රුසියාව සහ ඉරානය වැනි රටවල ආයෝජකයින් මෙම ක්ෂේත්‍රයේ විශාල ලෙස ආයෝජන කර ඇත. එමෙන්ම අගනුවරින් බැහැර ගාල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල හා අම්බලන්ගොඩ ආදී ප්‍රදේශවලදි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා”

සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති සමාගම් ආගමන විගමන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීම ඊයේ දින සිදු කෙරුණු අතර මෙම වැඩසටහන ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය එක්ව කටයුතු කරයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...