29 C
Colombo
Saturday, May 4, 2024

මිනිස් ජාවාරමකට හිටපු ඇමති අත්අඩංගුවට

- Advertisement -

නේපාලයේ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය සහ නේපාල කොංග්‍රස් නායක බල්ක්‍රිෂ්ණ ඛාන්ද් නේපාල ජාතිකයන් භූතාන සරණාගතයින් ලෙස විදේශයන්හි ජාවාරම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

භූතාන නොවන සරණාගතයින් භූතාන සරණාගතයින් ලෙස වෙනත් රටවලට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් අය විසින් ලබා දුන් ප්‍රකාශය මත හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.

නේපාල ජාතිකයන් බොහෝ දෙනෙකු භූතාන සරණාගතයින් ලෙස එක්සත් ජනපදයට යවන බවට පොරොන්දු වී ඔවුන්ගේ විශාල මුදල් වංචා කිරීමේ ජාවාරමට හිටපු ඇමතිවරයා සම්බන්ධ බවට නේපාල පොලිසිය කරුණු අනාවරණය කර ගෙන තිබේ.

මීට පෙර, ඔහු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී මිනිස් ජාවාරම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු දේශපාලන බලපෑම් මත නිදහස් කළ බවද පොලිසිය පවසයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...