24 C
Colombo
Tuesday, May 21, 2024

G 7 නායකයින් කෝනිෂ් මුහුදු වෙරළේ දැමූ සෙල්ලම් (වීඩියෝ)

- Advertisement -

බොරිස් ජොන්සන් සහ කැරී සිමන්ඩ්ස් කෝර්න්වෝල් හි පැවති G7 සමුළුවට ලෝක නායකයින් පිළිගනු ලැබුවේය.

ඒ වෙනුවෙන් කොර්නිෂ් මුහුදු තීරයේ ආකර්ශනීය පිළිගැනීමේ හමුවක් සංවිධානය කිරීමට ද ඔවුන් කටයුතු කර ඇති ආකාරය දක්නට ලැබිණි.

ජනාධිපති සහ අගමැතිවරු ඔවුන්ගේ හවුල්කරුවන් සමඟ හමුවුණු මෙම අවස්ථාවේ එකිනෙකාගේ වැලමිට ගැටීමෙන් (elbow bump) ආචාර කරගන්නා ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදී.

ඇමරිකානු ජනාධිපති ආර්යාව මෑතක දී විවාහ දිවියට එළඹුණු බ්‍රිතාන්‍ය අගමැතිවරයා සහ බිරිඳ වෙත විහිළු තහළු කරමින් ‘මට දැන්නෙනේ මං විවාහ මංගල්ලයකට ගියා වගෙයි’ යනුවෙන් පැවසූ බව මාධ්‍ය වාර්තා කළේය.

ජෝ බයිඩන් ජනාධිපතිවරයා එම අවස්ථාව වාර්තා කළ මාධ්‍යවේදීන්ට මුහුදේ පිහිනන්න යැයි පැවසීය.

කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ සමුළුව ආරම්භ කිරීමට පෙර මුහුදේ පිහිනීමට ගිය බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.

නායකයින් එකිනෙකා සමඟ විනෝද වෙමින් G7 පවුලේ ඡායාරූපයකට ද පෙනී සිට ඇත.

G7 යනු ලොව විශාලතම දියුණු ආර්ථිකයන් හතෙන් සැදුම්ලත් සංවිධානයකි.

ගෝලීය කොවිඩ්-19 වෛරස් එන්නත් සහ දේශගුණික විපර්යාසයන් රටවල් හතේ නායකයින් අතර මෙවර සමුළුවේ කේන්ද්‍රස්ථානය වනු ඇත.

ඉදිරි වසර තුළදී අවම වශයෙන් මිලියන 100 ක අතිරික්ත කොරෝනා වෛරස එන්නත් මාත්‍රාවන් පරිත්‍යාග කරන බව එක්සත් රාජධානිය මෙහිදී නිවේදනය කරන ලදී.

RECENT ARTICLES - SINHALA

සාපෙළ ලියද්දී අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතරතුර අසාධාරණයකට ලක් වූ සිසුන් පිරිසක් අද (20) ප්‍රකාශ ලබාදීම සඳහා මානව හිමිකම්...

කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා. ටී-56 ගිනිඅවියකින් නිවස තුළ...

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...