පැවති වර්ෂාවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ පිටිගල – මාපලගම මාර්ගයේ පෝද්දිවල සහ මත්තක ඇතුලු ප්‍රදේශ කිහිපයකම මාර්ගයේ අතුරා තිබූ කාපට් තට්ටු වශයෙන් ගැලවී ගොස් තිබෙනවා.
ගැලවී ගිය ඇතැම් කොටස් බෙන්තර ගඟට එක්වී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ මාර්ගය කාපට් අතුරා පිළිසකර කර මාස දෙකක පමණ සුළු කාලයකින් මෙම මාර්ගය මෙලෙස විනාශවී ඇති බවයි.
මාර්ගය කාපට් කිරීමේදී මහජන මුදල් නාස්ති කරමින් නිසි ප්‍රමිතියකින් තොරව කාපට් කර ඇති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
ඔවුන් පවසන්නේ පෙර පැවති කොන්ක්‍රීට් මාර්ගය මතටම කාපට් අතුරා ඉතාමත් වංචනික ආකාරයෙන් කර මාර්ගය පිළිසකර කිරීමේ ප්‍රතිපලයක් ලෙස කාපට් ගැලවී ගොස් ඇති බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් මේ වන විටත් දිවයින පුරා ක්‍රියාත්මක වනවා.



