පවත්නා වැසි සහිත කාලගුණයත් සමඟ අගලවත්ත – බේරගම මාර්ගයේ අලුතින් කාපට් කල ස්ථාන කිහිපයකම කාපට් ගැලවී ගොස් තිබෙනවා.
මෙම මාර්ගය කාපට් කිරීමේදී මාර්ගයේ පෙර පැවති කොන්ක්‍රීට් තට්ටුව මතම කාපට් අතුරා ඇති ආකාරය වර්ෂාවෙන් කාපට් ගැලවී ගිය පසු දක්නට ලැබෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ මාර්ගය දෙපස පැති බැම්මකින් තොරව අවිධිමත් ආකාරයෙන් මෙය කාපට් කර ඇති නිසා මෙලෙස මහජන මුදල් නාස්ති වී ඇති බවයි.
මේ අතර දිවයිනේ ස්ථාන කිහිපයකින්ම අලුතින් කාපට් කළ මාර්ග කිහිපයක්ම පැවති වැසි සහිත කාලගුණයෙන් විනාශ වී ගිය අයුරු දක්නට ලැබෙනවා.


